උපදෙස්

ලංකා බ්ලොග් කියවනය www./lankabloggers.com භාවිතා උපදෙස්
ලංකා බ්ලොග් කියවනය ලාංකීය බ්ලොග් ලියුම් කරුවන්ට හා පාඨකයන්ට බ්ලොග් අඩවි වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලබාදීමට අනෙකුත් බ්ලොග් සින්ඩි සමග එක්වන නමතම සේවාවයි.

මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන සේවාවක් බැවින් මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප/ ලංකා බ්ලොග් කියනවය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය.

ඔබේ පරිඝනකයේ සිංහල ස්ථාපනය කරගන්න
ඔබගේ පරිඝනකයේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය ස්ථාපනය කර නොමැති නම් ලිපි වලට පිලිතුරු සැපයීමේදී දෝෂ සිදුවිය හැක. නියමාකාරයෙන් අකුරු දර්ශනය වීමක් නොවේ. නියමාකාරයෙන් පරිඝනක යන්ත්‍රයේ සිංහල ස්ථාපයන කරගැනීම සඳහා සියබස් අඩවියට පිවිස අවශ්‍ය පැකේජයන් භාගත කර ස්ථාපනය කරගන්න.

සාමාන්‍යයෙන් ලිපියක් යවත්කාලීන වීමට විනාඩි 20 සිට පැය 2ක කාලයක් ගතවීමට පුලුවන් බව සලකන්න.
ඔබ ලිපියක් පල කල පසු එය නිසිපරිදි යවත් කාලීන වේදැයි අවම තරමේ මසකට වරක්වත් බ්ලොග් කියවන තුල පරික්ෂා කර බලා තහවුරු කරගන්න.

අවම වශයෙන් එක් ලිපියක් හෝ පලකර තිබිය යුතු අතර එසේ එකක් පමණක් ඇති බ්ලොගයේ ලිවීමට අදහස් කරන ලිපි වර්ග ගැන ඊමේලයක් මගින් හෝ දැනුම් දිය යුතුවේ.

ඔබගේ බ්ලොගයේ / වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය ඇණහිටී ඇත්නම් හෝ යම් ආකාරයක බිදවැටීමක් සිදුවී ඇති බව වාර්තා වේනම් ඔබගේ බ්ලොගය දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමට සුද වන බව සලකන්න.

බ්ලොග් අඩවියේ නුසුදුසු ලිපි‍ හෝ වෙනත් නිසි අවසරයකින් තොරව උපුටා ගත් දෑ නියමිත කතෘ සබැදි වලින් තොරව පල කරයි නම් ලංකා බ්ලොග් කියවනයට එවැනි පැමිණිලි ලැබුනහොත් එම අයතු වෙබ් / බ්ලොග් අඩවි දැනුම් දීමකින් තොරව ඉවත් කරන බව සලකන්න.

සැ.යු. – විශේෂයි
ගූගල් බ්ලොග් භාවිතා කරන මිතුරන් බ්ලොගය වෙනස් කිරීමේදී “redirect” කේතයන් ඇතුලත් කිරීමෙන් වලකින්න. මේ නිසා බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ඔබට අහිමි විය හැකියි.

අපට කියන්න
අවශ්‍ය තොරතුරු සඳහා info@lankabloggers.com අපට ඊයක් යොමු කරන්න.

ඔබ අපගේ සේවාව ලබාගන්න අතරතුර අප ඔබගේ සේවාව ලබා ගන්නා බව මතක් කරන අතරතුර ඒ පිලිබදව යම් කිසි ගැටලුවක් ඇත්නම් info@lankabloggers.com මගින් අපවෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ සියලු කටයතු හා බ්ලොග් කටයුතු ඉදිරියට කරගෙන යාමට ශක්තිය හා ධෛර්‍ය ප්‍රර්තනා කරමු.

ඔබ සැමට,
තෙරුවන් සරණයි!
ලංකා බ්ලොගර්ස් lankabloggers.com සංස්කාරක මණ්ඩලය.