මේක නීති විරෝධී ආණ්ඩුවක් – ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා

"මේක නීති විරෝධී ආණ්ඩුවක්." රට පාලනය කරන ව්‍යවස්ථාදායක සභාවත් අසාධාරණයි , අයුක්තිසහගතයි -ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා/------------------------------------ජාතික ආණ්ඩුවක් යන්න 19වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති අකාරය අනුව වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යෑම නීති විරෝධී බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි....

ජවිපෙට ගම නොදිය යුත්තේ ඇයි?

දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණඅනුර - රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්...සුපුරුදු ආකාරයටම ඊනියා දූෂණ විරෝධයක් පෙරටු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ....

රට රැකි රණවිරුවන් දංගෙඩියට දක්කන අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්‍යාල පනතට ජනපතිගේ අත්සන ලැබේ

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටවීම බලාත්මක කරන ගැසට් නිවේදනයට අද ( සැප් 13 දා ) ජනාධිපති සිරිසේන මහතාගේ අත්සන යොදා තිබේ.ත්‍රයි නිකායික මහා සංඝරත්නය විසින් මීට පෙර ඉල්ලා සිටියේ රණවිරු දඩයම ඉලක්ක කර පිහිටවීමට යන මේ කාර්‍යාලය පිහිටවීම නවතා දමන ලෙසයි....

"ලයිට් කණුවේ ජනාධිපති" අපිට කියාදෙන පාඩම

-යටියන ප්‍රදීප් කුමාර-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් දැවැන්ත ප්‍රමාණයේ කටවුට් බැනර් කොළඹ වීදි පුරා සෑම විදුලි කණුවකම , දුරකතන කණුවකම පාහේත් රට පුරා සියලුම නගර කඩ මණ්ඩි පුරාත් එල්ලී තිබේ.මේ ගිය ජනාධිපතිවරණ සමයේ "මම කටවුට් පෝස්ටර් සඳහා මුදල් නාස්ති කරන්නේ නෑ ....

හර්ෂ එන්න ඇවිත් බලන්න – ජිනීවා පවාදීමේ රඟ මෙන්න…

නාමල් හිර වුණ හර්ෂ පොර වුණ ජිනීවා යෝජනාවේ ඇත්ත..හර්ෂ එන්න ඇවිත් බලන්න - ජිනීවා පවාදීමේ රඟ මෙන්න......

බෙදිම්වාදී රාවය කාරයා කුපිත වූ , රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි අස්ගිරි විහාරයේ මැදිහත්වීම

ඉඩම් බලතල , පොලිස් බලතල පළාත් සභාවලට දෙමින් වෙනම රටක් ඇති කිරීමේ යෝජිත ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට භික්ෂූන් වහන්සේලා වශයෙන් තමන් වහන්සේලා එරෙහි වෙද්දී බෙදුම්වාදී ගැත්තන් කලබලවී භික්ෂූන් වහන්සේලාට එරෙහිව අවලාද නගමින් සිටින බට අස්ගිරි මහ විහාර පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පෙවා දෙති.විසේෂයෙන් පසුගියදා මල්වතු - අස්ගිරි විහාරවලට පැමිණි අග්‍රාමාත්‍යවරයාට යෝජිත ව්‍යවස්ථාවෙන් රටට සිදුවන විපත පිළිබඳ සඳහන් කරමින් බාරදුන් සංදෙශය පිළිබඳව බෙදුම්වාදයට කත් අදින රාවය පුවත්පත ක...

බෙදුම්වාදය පිනවන ඉඩම් බලතල පළාත් සභාවෙන් ගලවන්න මහින්ද එවකට ගහපු ගැටය

ඉඩම් බලතල පළාත් සභාවලින් ගලවා ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා තුළ ජනාධිපතිවරයාව සිටි අවධියේදී පැවති අභිප්‍රාය පිළිබඳ බොහෝ දෙනා අසා නොතිබුණු කතාවක් පසුගියදා අධිනීතීඥ ගෝමින් දයාසිරි මහතා විසින් හෙළි කෙරිණ.මනෝහර ද සිල්වා මහතා විසින් රචිත ' බෙදුම්වාදීන්ගේ උපාය සහ ව්‍යාවස්ථා සංශෝධන' ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙලේදී ඔහු මේ අදහස් පළ කළේය....

අනාගතය විනිවිද දුටු වංශලා

යටියන ප්‍රදීප් කුමාර-මේ සටහන අප මුලින්ම පළ කළේ 2014 පෙබරවාරි මස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනස සිදු වූ ආසන්න දිනකයි. ජනතා විමුක්ති පෙරමුණ එහි මුල් අරමුණුවලින් උගුල්ලා දමා, සිංහලයාගේ ජාතික හැඟීම මොට කරවන කොන්ත්‍රාත්තුව ඉටු කරන NGO භූමිකාවකට ජවිපෙ සිර කර තබා තැබීමට එහි වත්මන් නායකත්වය කටයුතු කර අවසන්ය....

මේ එන්නේ NGO කාරයන් හදන අමු ජාතිවාදී රට බෙදන ව්‍යවස්ථාවක් – මනෝහර [Video]

හවුල් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන නව ව්‍යවස්ථාව හරහා වසර දහස් ගණනක් පුරා පැවති රටේ ඒකීයභාවය අහෝසි වී ෆෙඩරල් රටක් බිහි වන බවත් ඒ බව ව්‍යවස්ථාව සැකසීමට ආණ්ඩුව විසින් පත් කළ කමිටු හය විසින් ඉදිරිපත් කළ යෝජනා වලින් ඉතාමත් පැහැදිලිව සනාථ වන බවත් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.රට ෆෙඩරල් කර කෑලිවලට කඩනවාට අමතරව මෙතෙක් කලක් මෙරට පැවැති සියලු එකඟතා බිඳලමින් අපේ ආත්මය අපේ ගෞරවය, අපේකම සම්පූර්ණයෙන්ම නැති කිරීමට අවශ්‍ය යෝජනාද ඇති පදමට ඇති බව ඔහු අවධාරණය කරයි....

විස්වාස කළ නොහැකි තරමේ පාවාදීම – රට බෙදන,රට අවුල් ජාලයක් කරන ව්‍යවස්ථා යෝජනා මෙන්න – ගෙවිඳු කුමාරතුංග [vedio]

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති කමිටු යෝජනා දෙස බැලූවිට මහජන චන්දයෙන් පත්වූ රජයකට මේ තරම් ද්‍රෝහී පවාදීමක් කළ හැකි දැයි විමතියක් ඇති වන බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.ඒකීයභාවය අහිමි කර රට ෆෙඩරල් කරනවාට අමතරව මෙතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩ කරමින් සියලුම අංශයන් අවුලෙනුත් අවුලට යන යෝජනා මේ ව්යවස්ථා යෝජනා වල අඩංගු බව ඔහු පෙන්වා දුන්නේ යුතුකම සංවාද කවය මගින් පසුගිය 19 වනදා සංවිධානය කරන ලද "ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි....

රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරුන්ට ගමට එන්න නොදී පන්නමු ! – ඇල්ලේ ගුණවංශ නාහිමි [Video]

රණවිරුවන් දහස් ගණනක් තම දිවි පුදා, තවත් දස දහස් ගණනක් අත් ,පා ,ඇස් ,මස් දන්දී රැකගත් මාතෘභූමියේ ඒකීයභාවය බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුදන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්නට සියළු වාද බේද අමතක කර එක් වීමට කාලය එළඹ ඇතැයි ධාර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කර සිටියි.යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරන ලද 'ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මූලාසනයේ දේශනය පවත්වමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ....

මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි…- "ලලිත් නුඹ වාසනාවන්තයි"

මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි… කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ සටනේදී ප්‍රබල මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා යුධ හමුදා දිගු දුර විහිදුම් බලකායේ විශිෂ්ඨ රණවිරුවකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8ක් සපිරේ. 2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය....

දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් කඩේ යැවිය නොහැකි ජාතික ව්‍යාපාරයක් ගොඩනගමු – ජේෂ්ඨ කතිකාචාර්‍ය චරිත හේරත්

අප සභ්‍යත්ව රාජ්‍ය කරා සංවාදය අරඹා ඇති මේ අවධිය රට බරපතල ලෙස සිව් වැදෑරුම් අර්බුදයක ගිලී ඇති ඉතා තීරණාත්මක වකවානුවක් බව ජේෂ්ඨ කතිකාචාර්‍ය චරිත හේරත් මහතා පෙන්වා දෙයි.පළමුව රටට බරපතල ලෙස බලපාන එට්කා ගිවිසුමට අත්සන් කිරීමට ආන්ඩුව සූදානමින් සිටින බවත් , දෙවනුව ලබන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ විශේෂ අධිකරණය පිහිටුවීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට සිදු වී ඇති බවත් , තෙවනුව දැනටමත් බාහිරින් සකසා ඇති ව්‍යවස්ථාව සම්මත කිරීමට බටහිර ප්‍රමුඛ බලවේග බලපෑමත් , සිව්වනුව රට ආර්තික වශයෙන් දරුණු අර්බුධයක ගි...

ශ්‍රීලනිප අප්පච්චි මරා දමා අම්මා විකුණන් කන පාපතරයන්ගේ කුඹුල් කඳුළු වලට නොරැවටෙමු

-යටියන ප්‍රදීප් කුමාර-ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පාද යාත්‍රාව පිළිබඳ  ශ්‍රීලනිපයේ මෛත්‍රී කල්ලිය විසින් මීට ටික දිනකට පෙර මාධ්‍ය හමුවක් තබා සිදු කළ අපූරු ප්‍රකාශයක් මේ සටහන තබන්නට ආසන්නතම හේතුව විය. තරමක් ප්‍රමාද වුවත් අද මෙය පළකරනුයේ ශ්‍රීලනිප බල අධිකාරිය විසින් එජාප විරෝධී පිළ නියෝජනය කරන ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයින් 40 කගේ තනතුරු අහිමි කර ඇති අවස්ථාවකදීය....

ෆොන්සේකා පාවිච්චිය – රනිල් හා මහින්දගේ වෙනස.

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපතිවරයා වන විට සරත් ෆොන්සේකා මහතා සිටියේ යුධ හමුදාපතිධූරය පෙනි පෙනී විශ්‍රාම යන අවස්ථාවකය. පත්වූ අලුත් රජයන් හමුදාපතිධූරය බාර දෙන්නට තරම් ඔහු ආණ්ඩු බලය ලබාගත්ත පාර්ශවයේ විශ්වාසය දිනාගත්තෙක් නොවීය....

සිංහලයාගේ ඇසට වැලි ගසා ව්‍යවස්ථා උගුලෙන් රට හතරට බෙදන හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී තක්කඩියෝ….

නව ව්‍යවස්ථාවක් සඳහා මේ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැති බවත් සිරිසේන- වික්‍රමසිංහ ආණ්ඩුව අද සිදු කරමින් සිටිනුයේ සිංහලයාගේ ඇසට වැලි ගසා රට හතරට බෙදන තක්කඩි ක්‍රියාදාමයක බව මානව හිමිකම් නීතීඥ කළ්‍යානන්ද තිරාණගම මහතා පවසයි.ව්‍යවස්ථා සංශෝධනයට හවුල් ආණ්ඩුවට ඇති කඩි කුලප්පුව පිලිබඳ සැලකීමේදී සහ ඒ සඳහා පත් කර ඇති කමිටුවල බහුතර සිංහලයා නියෝජනයට කිසිවෙකුත් නැති වටපිටාවක නව ව්‍යවස්ථාව හරහා සිදු වනුයේ දෙමළ බෙදුම්වාදය පිනවන රට බෙදන ද්‍රෝහී වැඩපිළිවෙළක් බව ඔහු අනාවරණය කරයි....

"මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " – මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි  ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි....

හවුල් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වියරු ඒකාධිපති ගමන [Video]

-ගෙවිඳු කුමාරතුංග [ජාතික එකමුතුව මගින් පවත්වන මාධ්‍ය හමුවේදී ]"19 වන ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටවනු ලබන ආණ්ඩුවක් වන්නේය කියල. ඒ කියන්නේ පක්ෂ දෙකක් එකතු වෙලා හදන ආණ්ඩුවක් නෙවෙයි , බහුතරරයක් ලබා ගන්නා ප්‍රධාන පක්ෂයේ මූලිකත්වයෙන් අනෙකුත් සියලුම පක්ෂ හෝ දේශපාලන කණ්ඩායම් එකතු වෙලා හදන ආණ්ඩුවක් තමයි ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ....

සම්බන්ධන්ලාගේ දෑත්වල ලේ – චම්පික රණවක

 -චම්පික රණවක"අද සම්බන්ධන්ලා රුද්‍රකුමාරන්ලා බලාගෙන ඉන්නේ ඉතිරි වෙලා ඉන්න කොටි ත්‍රස්තවාදීන් 10,000 ක් වන්නියේ කැලෑවලට ගෙනිහිල්ලා අර වල දාල තියෙන ආයුධ අරගෙන නැවතත් ක්ලේමෝ බෝම්බ බොම් බෝම්බ පිපිරෙන යුගයක් ඇති කරන්න.සම්බන්ධන්ලා ජිනීවා නොයන්නේ ඇයි?...

නරින්ට කුකුල් කොටුව දීම හෙවත් සිරිසේනලාගේ – විජේසූරියලාගේ ශ්‍රීලනිප සැමරුම..

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සම්මේලනයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මහාචාර්‍ය සරත් විජේසූරිය මහතාය. සාමාන්‍යයෙන් නම් පක්ෂ සම්මේලනයක පක්ෂය පිළිබඳ දේශනයක් පවත්වන්නේ ඒ පක්ෂයට අව්‍යාජව හිතැති විද්වතෙකු විසිනි....