ප්‍රතිරෝධයට තැනක් නොතැනක් ඇත

1980 වසරේ මොස්කොව් නුවර Central Lenin Stadium හි දී පැවැත්වුණේ රිටි පැනීම අවසන් තරගයයි. සත්කාරක රාජ්‍යය වු රුසියාව මෙම ඉසව්වේ සහාය පළ කළේ සෝවියට් ක්‍රීඩක Konstantin Volkov වෙත ය....

ටයි මහත්තයා තමන්ගේ අයියා හදපු වචන වුණත් ගැලපෙන්නේ නැත්නම් අයින් කළා : අතුල රන්සිරිලාල්

• අතුල රන්සිරිලාල්ගේ රූපවාහිනි ආගමනය ගැන සිහිපත් කරමුද ?1983 ඔක්තෝබර් 03 වෙනිදා තමයි මම ජාතික රූපවාහිනියට බැඳුණේ....

මඩොල් දූවේ උපාලියි – ජින්නයි අද කියන කතාව : අජිත් ජිනදාස | පද්මසේන අතුකෝරල

1947 වසරේදී මුල්වරට ප්‍රකාශයට පත් වූ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" කෘතියට මේ වසරේදී වසර හැත්තෑවක් සපිරෙන අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැඟූ "මඩොල් දූව"ට වසර හතළිස් එකක් සම්පුර්ණ වේ. උපාලි සහ ජින්නා නම් ළමා චරිත ද්විත්වය කේන්ද්‍ර කොටගත් "මඩොල් දූව" යනු අජිත් ජිනදාසගේ සහ පද්මසේන අතුකෝරලගේ පළමු සිනමා රංගනයයි....

ඕ .. ඕ .. කාන්තාබේන් – ජනතා විමුක්ති පෙරමුණ

රටක නීතිය කාන්තාවන්ට සහ පුරුෂයින්ට වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කිරීමට එරෙහි උත්සාහය බේබද්දියන් වැනි තැනකින් ලඝු කිරීමට හිටපු ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිනියක් ගෙන තිබූ උත්සාහය විකාරසහගතය. ඇය තවදුරටත් පක්ෂ ක්‍රියාකාරිනියක නොවේ යන්න හෝ පක්ෂයේ කාන්තා නියෝජනය සහ ඔවුන්ගේ මතවාද පිළිබඳ අභ්‍යන්තර ස්ථාවරය පොදු ජනතාවට අදාල නොවේ....

පටිසෝතගාමීයා

මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක් යනුවෙන් මෙසේ බ්ලොග් ලියන්නටත් බොහෝ කාලයකට පෙර "මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක්" යනුවෙන් වසර තුනහමාරක් අසන්න වශයෙන් හතරකදී පොතක් ලියා තැබුවේ නිවැරදි දිනය එළබෙන මොහොතේ ස්වයං චරිතාප්‍රදානයක් ලෙස එලියට දැමීමේ අරමුණින් ය .මෙයින් තවත් කාලයකට පසු මම නැවත තවත් පොතක් ලියන්නට සුදානම් වන්නේය ....

දුක සහ වම

අපිට නිදහස ලැබෙන්නටත් පෙර සිට ම ‘වම’ මේ කියන දුක වෙනුවෙන් පෙනී සිටිනවා. දුක් විඳින මිනිසා සහ සැප විඳින මිනිසා යනුවෙන් වර්ගිකරණයකුත් වම යෝජනා කරනවා....

අළුත් බෝතල් වල පරණ වයින් බීම.

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කන්න ක්‍රමයට මේ රට පාලනය කරයි.එකෙක් මහ කන්නය වගා කලහොත් , අනිකා කෙසේ හෝ දගලන්නේ යල කන්නය ගොඩ දා ගැනීමටය....

උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝ

අගමැතිවරයා ප්‍රිය සම්භාෂණයක තම ඥාතී කලා ශිල්පිනියක සමග රංගනයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වලට කටගැස්මක් වී ඇත. යුරෝපීය ඇඳුමට බර රනිල් වික්‍රමසිංහ නොදන්නා රබන් ගසන්නට ගොසින් හත්පොළේ ගා ගත්තාට වඩා මේ නැටුම අවංක බව බොහෝ දෙනෙකුට අමතකය....

ජනවාරි 07 : ඇමරිකානු ක්‍රීඩිකා නැන්සි කෙරීගන් ප්‍රහාරයකට ලක් වේ

වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය....

ජනවාරි 01 : දකුණු අප්‍රිකානු මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි.

1977 වසරේ අදවැනි දවසක දකුණු අප්‍රිකානු සුදු ජාතික මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි. දේශපාලන රැකවරණ මත බිරිඳ සහ දරුවන් පස්දෙනා සමග ගැට්වික් ගුවන්තොටුපොළින් ලන්ඩනයට පිවිසෙන මේ නිර්භීත මාධ්‍යවේදියා තම සටන අත්නොහැර ඉදිරියටම ගෙන යයි....

දෙසැම්බර් 30 : Wounded Knee හි දී ස්වදේශික ඉන්දියානු වැසියන් සමූල ඝාතනය කෙරේ

වසර 127 ට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව විසින් ස්වදේශික ඉන්දියානු වැසියන් 146 දෙනෙක් කෲර ලෙස සමූල ඝාතනය කරන ලදි. වූන්ඩඩ් නී සංහාරය හෙවත් Wounded Knee Massacre ලෙස ඉතිහාසයට එක්වන මේ සිදුවීමෙන් මිය ගිය ස්වදේශිකයින් ගණන දෙසියයද ඉක්මවා ඇතැයි ඇතැම් වාර්තා වල සඳහන් විය....

විරාත් කෝලිගේ වෙඩිම

"Good Morning මචං" ජංගම දුරකතනය කණේ තබාගත් තරුණයා පිළිතුරු දුන්නේය. "ඔන්න වැඩේ හරි""නමස්තේ මචං" අනෙක් පසින් කුල්මත් කටහඬක් ඇසුණි....

දෙසැම්බර් 27 : බෝම්බ ප්‍රහාරයකට ලක් වී බෙනසීර් භූතෝ ඝාතනය වේ

2007 වසරේ පෙර අද වැනි දවසක පාකිස්ථානයේ හිටපු අගමැතිවරිය වූ බෙනසීර් භූතෝ මැතිවරණ රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනය විය. වහලය විවෘත කළ රථයේ ගමන් කරන බෙනසිර් වෙත ආධාරකරුවන් අතරින් එල්ල වන වෙඩි ප්‍රහාරයකි....

පළමු කවිපොත ගැන මට එතරම් විශ්වාසයක් තිබුණේ නෑ : ආරියවංශ රණවීර

ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරගේ නවතම කාව්‍ය සංග‍්‍රහය ‘‘තවමත් මල්’’ පසුගියදා ජනගත කෙරිණි. දශක තුනක පමණ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම කවියකු වන හෙතෙම ලෝක සාහිත්‍යයේ එන කෘති ගණනාවක් සිංහල බසට පෙරළුෑ පරිවර්තකයෙකුද වෙයි....

දෙසැම්බර් 25 : රුමේනියාවේ ජනපති සහ ජනපති ආර්‍යාව වෙඩිතබා ඝාතනය කෙරේ

1989 වසරේ අදවැනි දවසක රුමේනියාවේ ජනපති නිකොලෙයි චෞෂෙස්කු (Nicolae Ceaușescu) සහ ජනපති ආර්‍යාව එලේනා වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. පැයකට අධික නඩු තීන්දුවකින් පසුව ගත් මෙම තීරණයත් සමගම එරට ඒකාධිපති පාලනය නිම වූ අතර රුමේනියාවේ වසර 42 ක කොමියුනිස්ට් පාලනය සහමුලින්ම උදුරා දැමිණ....

දැල්පන්දුව තිලකා ජිනදාසගේ අතට

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. වඩාත් පැහැදිලිව පවසනවා නම් ප්‍රමාද වී හෝ එම තීරණය ගන්නට බලධාරීන්ට සිදුව ඇත....

දෙසැම්බර් 24 : කූ – ක්ලක්ස් – ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ වේ

1965 වසරේ අදවැනි දිනයක ඇමරිකාවේ ටෙනීසී නුවරදී කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ විය. සේවාමුක්ත ඒකාබද්ධ හමුදා සෙබළුන් හයදෙනෙක් පිහිටුවා ගත් මෙම සංවිධානය ලෝක ඉතිහාසයට එක් වන්නේ මනුෂ්‍යත්වයට නිගා දෙන අසංස්කෘතික කල්ලියක් ලෙසිනි....

දෙසැම්බර් 17 : අරාබි වසන්තයට මග පාදමින් ටියුනීසියානු පදික වෙළෙන්දෙක් සිය දිවි නසා ගනී

2010 වසරේ අදවැනි දවසක ටියුනීසියාවේ පදික වෙළෙන්දෙක් වූ මොහොමඩ් බෞසීසි රජයට විරෝධය පාමින් සිය සිරුරට ගිනි තබා ගනී. දින දහ අටක් කාලයක් තිස්සේ මරුවා සමග සටන් වදින බෞසීසි ජීවිත සටනින් පරාජයට පත් වෙද්දී ටියුනීසියානු පාලකයාගේ දුර්දාන්ත සමය උදා විය....

අතුල රන්සිරිලාල් , ඉතින් ආදර ,වේවා පතමි විශ්‍රාමික ජීවිතය, සුබම සුබ. !

යනවලු අද අතුල රන්සිරිලාල් මහත්තයා , අරගෙන විශ්‍රාම , කරපු කාලයක් තිස්සේ , රාජකාරියෙන් රූපවාහිනී. නැද්ද මතක ඔයාලට ?...

ෂැන්ග්‍රි ලා ඉදිරිපස බණ්ඩාරනායක පිළිරුව

"සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්....

ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය ; මම සුගත් ට ප්‍රේම කරමි.

ඕමාර් ඛයියාම් ගේ කවියක් වැරදි ලෙස ආදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි.ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය....

මරණයට මතකය උදුරාගත නොහැකිය

" කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අදුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු....