මස්කට් කතන්දර ~ III කොටස

ශිනාස් සහ මස්කට් හාමිනේගේ කැස්ස, හෙම්බිරිස්සාව සමගම හීනියට නැග එන උණ ගතිය කෙමෙන් දරුණු අතට හැරෙන පාටය ! කණ්ඩාගේ තත්වයත් මෙයිට නොදෙවෙනිය, සෙම්ප්‍රතිශ්‍යාවෙන් කන් අගුල් වැටී ගොසින්ය, උගුරේ අමාරුව නිසා කතාබහ කිරීම පමණක් නොව අහාර ගැනීමද එකසේ අපහසුය....

සුභ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවා වූ නව වසර ලොව පුරා විසිර සිටින ලාංකිකයන් සියළු දෙනා හට සෞභාග්‍යයෙන් පිරුණු වාසනාවන්ත වසරක් වේවා යයි කණ්ඩා පතන්නේය ! අටෝරාසියක් වැඩ රාජකාරිත් සමගම යෙදුණු නොසිතූ සිදුවීම් වැලක් හේතුවෙන් කණ්ඩා හට තෙසතියක් පුරා කොලම ලියන්නට ඉස්පාසුවක් නොවීය....

මස්කට් කතන්දර ~ II කොටස

සාජා සිට මස්කට් වෙත … අපායට ගියත් කලින් යන්නට ඕනෑ යයි කියමනක් කණ්ඩා අසා තිබේ, එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එය අකුරටම පිළිපදින්නේ ඉන් අත්වන වාසි අත්දැකීමෙන් දන්නා නිසාය. මස්කට් බලා යන ගමනේත් වැඩි වෙනසක් නැත්තේය, අපායටත් කලින් යන්නට උවමනා නම්......

වැස්සට ලියවෙන කවි …

වැස්ස … කතරක් තෙමෙන්නට දාහය නිවෙන්නට තුරු මුදුන් දළුලන්ට මංපෙත් නොපෙනෙන්ට රිය පේළි නොසැලෙන්ට සීතලෙන් ගුලි වෙන්ට මඩ කඩිති උතුරන්ට පොඩි එවුන් හිනැහෙන්ට සිත තුටින් පිරෙන්නට වැහැපන් තව දිගට තරහ නෑ මම වැස්ස ! නිමිත්ත : දිනය            – 21/03/2017 නගරය        ......

මා (නො)කළ උසස් පෙළ …

උසස් පෙළ යනු කණ්ඩාගේ ජිවිතයේ සංක්‍රාන්ති සමයකි, කොටින්ම පාසලේදී පාඩම් කටයුතු වල කිසිසේත්ම නොයෙදුනත් වැඩියෙන්ම උගත් කාලය බව පැවසුවොත් නිවැරදිය ! උසස්පෙළ විෂය ධාරාවන් කිසිවක් කණ්ඩාගේ සිත් ගත්තේ නැත, නමුත් වැල යන අතට මැස්ස ගැහීමේ න්‍යාය පදනම් කරගෙන හෝ වෙනත්......

වක්පොලු කතා ~ II කොටස

වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන් කණ්ඩා පරිප්පුවෙක් බවට පත්වීමේ වරප්‍රසාදය ලද්දෙන් අනතුරුව එළඹුණු සමයේ අම්මා සහ තාත්තා දෙපළම කණ්ඩාව වක්පොලු ක්‍රීඩාවට නොසෑහෙන්න උනන්දු කළ බව නොකියාම බැරිය. එයට ප්‍රධානම හේතුව වනුයේ, අවුරුදු 10-12 තරම වයසේදීත් කණ්ඩා ඇදුම රෝගයෙන් (Asthma) පෙළීමයි,......

මස්කට් කතන්දර ~ I කොටස

මස්කට් රස සොයා … මස්කට් කී පමණින් සිරි ලාංකිකයින් වන අපගේ කටට කෙළ උනන්නේ නිතැතිනි, ඒ එදිනෙදා ජීවිතයේදී අප දන්නා මස්කට් යනු අතිශය රසවත් රසකැවිල්ලක් වීමයි. මේ පිලිබඳ කණ්ඩාගේ මතකයන් “බොම්බේ ස්වීට්ස්” හෝ “ස්වීට් හවුස්” තෙක් දිව යන්නේය, “බොම්බේ ස්වීට්ස්”......

වක්පොලු කතා වස්තුව ~ I කොටස

කැන්ඩොස් මාමා සහ ගෝලියා යටගිය දවස සිරි ලංකාවේ කොළොම්පුර ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසයන් රාජ ශ්‍රියෙන් රාජ්‍ය කරනා කල්හි, මරදාන පරණවාඩියේ එක්තරා විද්‍යාලයක පරිප්පුවන් සමුහයක් විය. මේ පරිප්පුවන් අතර දිවයිනේ නන් දෙසින් පැමිණි අතලොස්සක් වූ වඳ වී යන සත්ව කොට්ඨාශයකට අයත් වන්නා......

වැලන්ටයින් අඳුර !

අද වැලන්ටයින් දවස, හාමිනේගෙන් සද්දයක් නැහැ, මට දවස පැටලුනා වත්ද ? මොකද්දෝ හේතුවකට හාමිනේගේ හිත රිදිලා නැතිනම් දැනට දවස් කිහිපයක ඉඳලම වහෙන් ඔරෝ නානා ප්‍රාකාර ඉඟි කරපු හාමිනේට වැලන්ටයින් අමතක වෙන්නේ කොහොමද කියන එක ලොකු ගැටළුවක් !...

වැලන්ටයින් දිනය නොහොත් නවම් සන්නිය සහ පච්ච නංගී !

මේ දවස් වල රෝස මල්, සැන් පවුඩර්, චොක්ලට් මෙන්ම රොමෑන්ටික් ඩිනර් ගැන දැනුම්දෙමින් අපගේ ගැලවුම්කාරයින් වන අටෝරාසියක් වෙළඳ ආයතන විසින් එවනා විවිධාකාර ඊ- තැපෑල් වැහි වැහැලාය. උදේ පාන්දරම අඩු තරමේ මෙවන් අතිශය වැදගත් ලිපි 15-20 ක් වත් කොම්පිටරේ e-කුණු බක්කියට......

සිරි ලංකාගමනය ~ III කොටස

අටං හමුව සහ හොරෙන් ඔටර්ස් පැදීම ! මෙදා පොටේ සිරි ලංකාවට ආපු ගමනේ එක බලාපොරොත්තුවක් උනේ මේ වෙනකං මුහුණු පොතෙන් විතරක් අඳුන ගත්ත බ්ලොග් කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක්වත් හම්බ වෙන එක....

කාර් සන්නිය ~ II කොටස

එකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් ! ඕං ඉතින් ඉස්සෙලාම කණ්ඩා හාමිනේවත් කුදලාගෙන ගැලන්ට් එක බලන්න ගිය කතාව ලියුව නිසා අද එකේ ඉතිරි ඩිංගත් ලියල ඉවරයක් කරන්න හිතුන....

පිස්සෙකුගේ ස්වයං විවේචනය !

මම ලෝකෙන්ම උතුම් රටෙන් ඈත් වෙලා දැන් දස අවුරුද්දක් වෙන්නට එනවා අප්‍රේල් මාසේ අග දිහාට … ඉතින් මට හිතුන ආපු පාර ගැන වගේම මං ගැනත් පොඩ්ඩක් විතර ආපහු හැරිලා බලන්න දාර්ශනික විදිහට. ඔය කිව්වට මං කියන එව්වා වැඩිය ගණන් ගන්න......

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IV කොටස

පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් ! නියමු කුටියෙන් පිටතට පැමිණි ඉංජිනේරුවරයා අප දෙස බලා මහ හඬින් සිනහ වුයේ අපගේ හිත හදන්නට විය යුතුය … නමුත් එය කණ්ඩාට දැනුණේ හිත හදනා සිනහවකට වඩා මේකත් මහ ලොකු කජ්ජක්දැයි ඔලොක්කුවට......

මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස

උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් ! දරුණුවට පොලීසියෙන් ගුටි කෑවා හා සමානව කණ්ඩා පෙලූ ඇඟ පත රුදාවත් සමග ගැඹුරු නින්දකට වැටුණ හෙයින් කාලය ගත වීම පිළිබඳව කිසිඳු හැඟීමක් තේරුමක් තිබුනේම නැත....

සිරි ලංකාගමනය ~ II කොටස !

හන්තාන සිහිනය සහ උඩරට සිරි පිරි කොණ්ඩගල ! කණ්ඩා මැද පෙරදිගටම කඹුරා හති වැටී බොහෝ කල්ය … දෑවුරුද්දක කාලයකට සැලසුම් කල එතෙර රැකියාවට එළඹෙන බක් මාසය වන විට දස වසරකි !...

සිරි ලංකාගමනය ~ I කොටස !

ෂොපින් සහ සිය රට බලා නැව් නැගීම ! 2017 අලුත් අවුරුද්දට පෙර ගෙවුණු තෙසතිය බොහෝ කලකට පසුව කණ්ඩා මුහුණ දුන් කාර්ය බහුලම සති කිහිපයයි....

මැදක් නැති පෙරදිග ~ VIII කොටස

අරාබි දේසේ නුතන අම්බපාලියෝ … කණ්ඩා අතින් මැද පෙර දිග ගැන ලියවුණු කලින් ලිපියේදී කතා බහ කලේ තහනම් සතුන් ගැනය, සිවුපාවන් ගැන ලියා අහවර කල එම ලිපියට පසුව මේ වෑයම දෙපා වරිගයේ තහනම් සතුන් ගැන ලිවීමටය, එනම් අසම්මත කතා බහකටය... Continue Reading →

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ II කොටස

හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් ! ඇෆ්ගනිස්තානයට ඇතුළු වීමේ වීසා බලාපොරොත්තුවෙන් බලා සිටි නොඉවසිලීමත් සති කිහිපය අදටත් කණ්ඩා හට සිහියට නගා ගැනීමට අපහසු නැත....

දුටු නොදුටු මැද පෙර දිග !

මැද පෙරදිග පිළිබඳව අන් බොහෝමයක් දෙනා මෙන්ම කණ්ඩාත් හටත් අසා ඇති දේ සහ ඇත්ත තත්වයත් අතර විශාල පරතරයක් මුලදී දැනුන බව සත්‍යයකි. මෙම බොහොමයක් ඍණාත්මක හැගීම් සහ වැරදි අදහස් වලට විවිධාකාර හේතූන් ඇත....

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ I කොටස

සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව ! කණ්ඩා ඔටු දේශයට (UAE) ගොඩ බැස රැකියාව ඇරඹීමෙන් මුල පිරුණ හත් වසක කාල සීමාවේදී අත්විඳි ඇතැම් දේ කණ්ඩාට අදටත් ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones) සිනමා පටයක් සිහි ගන්වන්නේය … වෙනසකට කියා ඇත්තේ ඉන්ඩියානා ජෝන්ස්......

ආරී හෙවත් රත්නයියා …

මේ ලිපිය පටන් ගැන්මේදීම කණ්ඩා සමාව අයදින්නේය … එය එසේ වන්නේ කණ්ඩාගේ ඔලුවේ කැකෑරෙන වේදනාව පිට කරනු වස් ලියනා මෙය නීරස හෑල්ලක් වන හෙයිනි … අදට කණ්ඩාගේ පියා අප අතරින් වෙන්වී විසි වසරකුත් ගෙවී ගොසින්ය … නමුත් කණ්ඩාගේ සිතේ ඇති... Continue Reading →

අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස

චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ ! කණ්ඩාගේ තාත්තා කොලුවාව හා හාපුරා කියා පන්තියට භාර දුන් අතර කණ්ඩාව වැටුනේ “1 – රෝස” කියන පංතියටය , පන්තිය භාරව හිටියේ බොහොම කරුණාවන්ත තරුණ ගුරුතුමියකි....