මුරලිගේ දුස්රාව…

-පුනර්ජි දඹොරගම-ඒ අපේ ක්‍රිකට් ජ්‍යාත්‍යන්තරය තුල නමක් දිනා ගත් කාලය යි. '96 ලෝක කුසලානයද ඉන් එපිට ද දඟ පන්දු යවන්නන් ඉදිරියේ ස්වභාවයෙන්ම දුර්වල වූ සුදු ජාතිකයන්ට මහත් හිසරදයක් වූයේ මුරලිය....

සදාචාරයේ බැම්ම කඩා කැමරා ඉදිරියේ නිරුවත් වීම.

-ඩිහාන් කීරියවත්ත-පසුගිය දිනක පෞද්ගලික බැංකුවක් තුල දෙදෙනෙකු පැවැත්වු ලිංගික සබඳතාවයක් දැක්වෙන වීඩියෝවක් පිළිබදව සමාජජාල ඔස්සේ විශාල කතා බහක් ඇතිවිය. මෙවැනි වීඩියෝවක් දකින විට පැන නගින මූලික ප්‍රශ්නයක් වන්නේ අතිශය පෞද්ගලික දෙයක් මේ ආකාරයෙන් වීඩියෝගත කරේ ඇයි කියාය....

අනාගමික රාජ්‍ය සහ ධර්ම රාජ්‍ය….

-පුනර්ජි දඹොරගම-රටේ පොදු ජන මතයට එරෙහිව ද රටේ ස්වෛරීභාවයට එරෙහිව ද පාළකයන් කටයුතු කරද්දී එහි ව්‍යවස්තාමය පිළිලය වන නව ව්‍යවස්ථා සංශෝදන නිර්දේශ වාර්තාව නිකුත් වී තිබේ. එහි ආකෘතිමය ස්වරූපය වූයේ මහජන අදහස් විමසා කමිටුවක් මගින් පළමුව එහි නිර්දේශ වාර්ථාවක් ලබා ගැනීම ය....

1998 දී “CEPA” – අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?

-ජයන්ත මීගස්වත්ත- 1998 දී “CEPA” වලින් පටන්ගෙන අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද? ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන් මේ දිනවල කථාකරන ආකාරයෙන් හැඟීයන්නේ, එක්සත් රාජධානියේ මහ ජනතාව විසින්, මෑතදී පැවැත්වූ ජනමත විතාරණයේදී, ඩේවිඩ් කැමරන්ට දුන් කම්මුල් පහර වැදී ඇත්තේ, ඔහුටත් වඩා ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන්ට බවයි....

දින කිහිපයකට " මිනිස්සු" රටේ ආණ්ඩු කළේය

-පුනර්ජි දඹොරගම-පසුගිය දිනවල පැවති ගංවතුර හා නායයෑම් නිසා අවතැන් වූ මිනිසුන් පිළිබඳ අපට ඇති වූයේ ඉමහත් සංවේගයකි. ඒ පිළිබඳව රට පුරා අප සියල්ලෝ සහන සැළසීම සඳහා විවිද අයුරින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූහ....

ජයග්‍රහණය සහ ජාතිකත්වය

-පුනර්ජි දඹොරගම-පසුගිය දින වල බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් විසින් විස්සයි විස්ස ලෝක කුසලානය, කාන්තා ලෝක කුසලානය සහ 19න් පහල ලෝක කුසලානය දිනාගන්නා අයුරු අප දුටුවෙමු. මෙහිදී ඔවුන් ක්‍රීඩා පිටියේදී මෙන්ම ඉන් පිටතදී ද ජයග්‍රහණය සැමරීම සඳහා ඔවුන්ටම ආවේණික වූ නර්තනයක යෙදෙනු දැක ගත හැකි විය....

යුරෝපය; ‘විවෘත සමාජයේ’ සිට ‘විවෘත සිරගෙය’ දක්වා

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-පසුගිය පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වූ සලේ අබ්දෙස්ලාම් බ්‍රසල්ස් නුවර දී අත්අඩංගුවට ගෙන සතියක් යෑමටත් පෙර ඊට පළිගැනීමක් ලෙස අයිසිස් ත්‍රස්තයන්ට යුරෝපයේ හදවත තුළ ඊයේ වන් ප්‍රහාරය සැලසුම් කිරීමට හැකි වීම සැමගේ විමතියට ලක්ව තිබේ. යුරෝපය පුරා විසිරී සිටිමින් අවශ්‍ය වූ විට මහා පරිමාන ප්‍රහාර එල්ල කළ හැකි තරම් දියුණු තත්වයට අන්තවාදි ඉස්ලාම් ත්‍රස්ත ජාල ක්‍ෂණික හා සක්‍රීය බව මින් පැහැදිළි වේ....

පිස්සුද හැටිද?

-හොඳම පිස්සෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති වීම?ලංකාව සහ ඉන්දියාව යාකරන පාලමක් ඉදිකිරිම පිලිබඳ ඉන්දීය ලෝග් සභාවේදි එරට මහා මාර්ග කටයුතු පිලිබඳ ඇමතිවරයා වන නිතින් ගධ්කාරී පසුගිය බදාදා ප්‍රකාශ කල බව එරට "The Hindu" පුවත්පත පැහැදිලිව වාර්තාකර තිබිණි....

"රනිල්ට බෑ" – දෑස් ඉදිරිපිට ඔප්පු වේ…

මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇයි? අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි....

ජනවාරි 08 රටට අහිමි වූ පිළිවෙල හා නායකත්වය යළි ගොඩනැගීම එකම විකල්පයයි

උසාවි අසල හා මහදවල් මහපාරේ දිනක් නෑර නාදුනන තුවක්කුකරුවන් අතින් වෙඩි වැදී මියෙන පුද්ගලයින් දකිනකොට ගෝඨාභය රාජපක්‍ෂත්, නායකත්වයක් නොමැති ව අයාලේ යන රටේ ආර්ථිකය පිළිබඳ දිනපතා පිරිහෙන ඉලක්කම් දකින විට බැසිල් රාජපක්‍ෂත්, මේ සිද්ධි දෙකම එකවර සිහිවන විට මහින්ද රාජපක්‍ෂත් මේ රටේ පුරවැසියන්ට මතක් නොවෙනවනම් ඔවුන්ට ප්‍රභාකරන් කීවා සේ සති දෙකෙන් අමතක වීමේ සින්ඩ්‍රෝමය හැදිල තියෙන්න ඕන. රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු මිසක් මේසන් බාස් නොවන බව මේ තුන් දෙනා සීන් එකෙන් ඉවත් වුනාම රටට වෙච්ච හරියෙන් දැන් හොඳට ම පේනවා....

ශ්‍රීලනිපය විනාශ නොකර පිටවෙනු..! ගිය තැනකටම යනු ! සිරිසේන මහතාට පාක්ෂිකයකුගෙන් පණිවිඩයක්..

මීට මාස 14කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු තනිවම තරග කර ඔනෑම මැතිවරණයක් ජයග්‍රහනය කිරීමට තරම් ශක්තිමත් තනි පක්ෂයක්....නමුත් එහි මහ ලේකම් තුමා ගහපු කරණමෙන් පසුව එම තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වූ බව කාටත් නොරහසකි....

ඔපෙරා සහ කොස් ඇට

දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැන තාමත් සාකච්ඡා වෙන හින්ද තවත් පොඩි දෙයක් කියන්ඩ ඕනෙ කියල හිතුන. සමහරු ඒ ගායනය කරපු කිශානි ජයසිංහට විවිධ නරක වචන කියමින් බැනල තිබ්බ අතරෙ ඒ ගායනය විවේචනය කරල තිබ්බ අයව ගල් වැද්දන්ට සමාන කරමින් රටේ සංස්කෘතියට ගරහන්ඩ අවස්ථාවක් උදාකරගත්ත අයත් හිටිය....

හුසේන් හුසේන් ! ගෙදර යන ගමන් ලිබියාවටත් යන්න

ගෙදර යන ගමන් ලිබියාවටත් යන්නයුද සමයේ සිදුවීම් විමර්ශනයට විදෙස්‌ පරීක්‍ෂණ එපා යෑයි මල්වතු - අස්‌ගිරි මහනාහිමිවරු වදාරා තිබිණි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් කුමරු උන්වහන්සේලා බැහැදුටු මොහොතේ මේ අභීත වටිනා ප්‍රකාශය කර තිබිණි....

නැවත බෝම්බ පුපුරයි ද?

ලංකාව තුල නැවත බෝම්බ පිපිරෙනවා දැකීමට කැමති අය සිටියි ද? පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ක්‍රියාකාරීන් ඇතැම් විට කොළඹ බෝම්බ පුපුරනවා දැකීමට ( හෝ එවැන්නක් නැවත සිදුවූ බව ඇසීමට) කැමති වනවා ඇත....

"රට බෙදන ව්‍යවස්ථා මර උගුල" ගැන යුතුකම සම්මන්ත්‍රණය අද (22 දා )

විධායක ජනාධිපතිධූරය අහෝසිය, මැතිවරණ ක්‍රමය සංශෝධනය ආදී වෙස් මුහුණු ඉදිරියට දමාගෙන බෙදුම්වාදය දිනවන ව්‍යවස්ථා සංශෝධනයට හවුල් ආණ්ඩුව සූදානම්ව සිටී. ජනවාරි 26 වනදා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ තීරණාත්මක චන්ද විමසීමක් පැවැත්වේ....

ජනවාරි 08 ජාතික ශෝක දිනයක් වන්නේ ඇයි?

වසරින් වසර අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාවේ විරැකියාව දැන් එහි ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සැලකිය යුතු පමණින් වැඩිවෙමින් තිබෙන බව ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වලින් හෙළිදරුව් වේ. 2013 වසරේ දී විරැකියාව සියයට 4....

2016 අඳුර විනිවිඳින වසරයි!

අවසන් වූ 2015 වසර, ඊට සිය වසකට පෙර උදා වූ 1915 වසරට ද ඊටත් සිය වසකට පෙර උදා වූ 1815 වසරට ද සමාන වන්නා වූ රට දැය සමය කෙරෙහි අතිශය අශුභ වසරකි. 2009 ත්‍රස්තවාදය කෙළවර කළ නිසා ම දේශමාමකයින් රැසකට නේක කරදරවලට මුහුණ දීමට සිදු වූ මේ වසර රට දැය සමයට කළු වසරකි....

රනිල්ගේ හොර පොලිසිය

2015 ජූලි මස රනිල්ගේ බෑණනුවන් වන වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති තැන්පත් රුවන් විජයවර්ධන මැතිදුන්ට අයත් විජය පුවත්පත් සමාගමෙන් පළවන ඩේලි මිරර් ඉංගිරිසි පුවත්පතේ පහත ප්‍රවෘත්තිය පළවිය. FCID to be legalised -Ranil ඒ වන විට මහ මැතිවරණයට පෙර ශ්‍රිලනිපයේ මහින්ද පෙරමුණෙන් නැගුනු ප්‍රධානම චෝදනාවක් නම් යහපාලන ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදී දඩයම් කිරීමට යොදා ගත් FCID නම් පොලිස් ඒකකය නීත්‍යානුකූල නොවන බවය....

මහින්ද-මුවහමට තැලීමෙන් පළක් නැත. වඳබව පිළිගන්න

මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ පැවති රාජ්‍ය ආයතන විසි ගණනක වැය ශීර්ශය ඔහුගේ පුද්ගලික වියදමක් සේ හුවා දැක්වීමේ පහත් ගණයේ උත්සාහයක් සිරස රූපවාහිනය නිර්ලජ්ජිත ලෙස අද ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණි. වියදම් අඩුවූයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ එවකට පැවති ආයතන සිරිසේනගෙන් ගලවා අගමැතිවරයා යටතට ගෙන ඇති නිසා මිස අන් හේතුවක් නිසා නොවේ....

"ගෝඨාභයගේ ලංකා හොස්පිටල් එක රනිල් විකුණනවලු" – බොරුව සමාජගත කිරීමේ පාපය ගෙවන අපේ ඇත්තෝ..

බොරුව සමාජගත කිරීමේ පාපය ගෙවන අපේ ඇත්තෝ..ලංකා හොස්පිට්ල් ආදී ආයතන ගණනාවක් එක පොකුරට පුද්ගලික අංශයේ පාලනයට නතු කිරීමට රනිල් - රවී වැය-අය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා....