මධ්‍යයේ බලය අතහැර – බෙදෙන්නට හැර රට අමුසොහොනක් කරන්නට හදන හැටි…

මධ්‍යක් (center)‍ නැත. ඇත්තේ පරම පරිධි (periphery) 9ක් පමණි==========================================ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාවට අනුව, සැකසෙමින් පවතින ව්‍යවස්ථාව තුළ පෙනී යන සුවිශේෂී ලක්‍ෂණයක් නම්, එහි මධ්‍යක් නොපැවතීම ය....

ආණ්ඩුව වැටුණේ තමා ම කැපූ වළටයි !

- ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ -ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩු හිතවාදීන් හා ඔවුන්ගේ වෙබ් අඩවි තම ක්‍ෂණික වැටීම හමුවේ ඇති වූ වික්‍ෂිප්තභාවය හා කම්පනය දරා ගැනීමට තෝරා ගෙන ඇති මාදිලිය ඉතා සිත්ගන්නාසුළු එකකි. ඔවුහු තම පාර්ශවයේ ම ඇතැමුන් ඊට වැරදිකරුවන් කොට ඉන් ද නොනැවතී ඔවුන් රාජපක්‍ෂවරුන් වෙත තල්ලු කොට පහර දීමට පටන්ගෙන තිබේ....

සයිටම්, පුද්ගලික අධ්‍යාපනය හා මහින්ද

-කතිකාචාර්‍ය මහින්ද පතිරණ-සයිටම් පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරන මතය අර්බුදයට සම්බන්ධ සියළු කොටස්කරුවන් විසින් සැලකිල්ලට ගතයුතු වැදගත් කාරණයක්. ඔහු ප්‍රකාශ කරන්නේ ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ සම්බන්ධයෙන් ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට පූර්ණ නිදහස තිබිය යුතු බවයි....

බැඳුම්කර මගඩියේ ලාභය හා රටේ අලාභය

-මහින්ද පතිරණ-අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5....

කුරුණෑගල දී සැමරෙන්නේ ශ්‍රිලනිපයේ මරණයයි !

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-ශ්‍රිලනිප 65 වන සංවත්සරය පිළිබඳ මේ වන විට දේශපාලන භූමිය තුළ ඇති ව තිබෙන සංවාදය ඉතා යහපත් එකකි. එය එසේ වන්නේ ශ්‍රිලනිපය යනු කුමක් ද මනාව තේරුම් ගැනීමට ඒ හරහා මෙරට ජනතාවට අවස්ථාව උදාවන හෙයිනි....

යුරෝපය; ‘විවෘත සමාජයේ’ සිට ‘විවෘත සිරගෙය’ දක්වා

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-පසුගිය පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වූ සලේ අබ්දෙස්ලාම් බ්‍රසල්ස් නුවර දී අත්අඩංගුවට ගෙන සතියක් යෑමටත් පෙර ඊට පළිගැනීමක් ලෙස අයිසිස් ත්‍රස්තයන්ට යුරෝපයේ හදවත තුළ ඊයේ වන් ප්‍රහාරය සැලසුම් කිරීමට හැකි වීම සැමගේ විමතියට ලක්ව තිබේ. යුරෝපය පුරා විසිරී සිටිමින් අවශ්‍ය වූ විට මහා පරිමාන ප්‍රහාර එල්ල කළ හැකි තරම් දියුණු තත්වයට අන්තවාදි ඉස්ලාම් ත්‍රස්ත ජාල ක්‍ෂණික හා සක්‍රීය බව මින් පැහැදිළි වේ....

බ්‍රසල්ස් බෝම්බ දුම අස්සෙන් දුටු මහින්ද…

මහින්ද නුඹ වීරයෙකි-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-බ්‍රසල්ස් හි ප්‍රධාන දුම්රිය ස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ‍බෝම්බ ප්‍රහාරයේ රූපරාමු අතරින් මම දුටුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එල්ල වූ කෲර ත්‍රස්ත ප්‍රහාරයයි. සිය ගණනකට මරු කැඳවමින් දෙහිවල මගී දුම්රියට එල්ල වූ ගොරතර ප්‍රහාරයයි....

"රනිල්ට බෑ" – දෑස් ඉදිරිපිට ඔප්පු වේ…

මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇයි? අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි....

ජනවාරි 08 රටට අහිමි වූ පිළිවෙල හා නායකත්වය යළි ගොඩනැගීම එකම විකල්පයයි

උසාවි අසල හා මහදවල් මහපාරේ දිනක් නෑර නාදුනන තුවක්කුකරුවන් අතින් වෙඩි වැදී මියෙන පුද්ගලයින් දකිනකොට ගෝඨාභය රාජපක්‍ෂත්, නායකත්වයක් නොමැති ව අයාලේ යන රටේ ආර්ථිකය පිළිබඳ දිනපතා පිරිහෙන ඉලක්කම් දකින විට බැසිල් රාජපක්‍ෂත්, මේ සිද්ධි දෙකම එකවර සිහිවන විට මහින්ද රාජපක්‍ෂත් මේ රටේ පුරවැසියන්ට මතක් නොවෙනවනම් ඔවුන්ට ප්‍රභාකරන් කීවා සේ සති දෙකෙන් අමතක වීමේ සින්ඩ්‍රෝමය හැදිල තියෙන්න ඕන. රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු මිසක් මේසන් බාස් නොවන බව මේ තුන් දෙනා සීන් එකෙන් ඉවත් වුනාම රටට වෙච්ච හරියෙන් දැන් හොඳට ම පේනවා....

ජනවාරි 08 ජාතික ශෝක දිනයක් වන්නේ ඇයි?

වසරින් වසර අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාවේ විරැකියාව දැන් එහි ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සැලකිය යුතු පමණින් වැඩිවෙමින් තිබෙන බව ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වලින් හෙළිදරුව් වේ. 2013 වසරේ දී විරැකියාව සියයට 4....

තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි

තමන්ට ඡන්දය දුන්නේ එන්රික් වැනි ගායකයින්ට පමණක් නොව, කැබරේ ඩාන්ස් සුනිල් පෙරේරා වැන්නන්ට පවා වශීවී බ්‍රෙසියරය මතු නොව සෙසු යට ඇඳුම් වුව උනාලීමට තරම් පරල වෙනසුළු දුබල පෞරුෂැති පිරිසක් විසින් බව ජනපති මෛත්‍රීපාල අමතක කොට ඇති සෙයකි. ඔහුගේ ප්‍රකාශය හමුවේ ඔහු ව පත් කිරීමට උල්පන්දම් දුන් බොහෝ පිරිස් දැන් කරකවා අතහැර දමා තිබීමෙන් ම ඒ බව පැහැදිළි වේ....

ලංකා ආර්ථිකය අවිනිශ්චිත අඩවියේ : අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF)

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්වය අවිනිශ්චිත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (09) අනතුරු අඟවා සිටියේ ය. අරමුදල අවධාරණය කර සිටින්නේ පවතින ආර්ථික තත්වයන් වඩාත් ගැටළුකාරී පරිසරයක් නිර්මාණය කොට ඇති බව හා 2014 වසරේ අග භාගයේ ඇරඹි සාර්ව මූල්‍ය අසමානතා දැන් තීව්‍ර තත්වයකට පෙරලී ඇති බව ය....

ජනවාරි 08 මෝඩයාගේ කැරැල්ලක් ද?

ජනවාරී 08 සිදු වූයේ මෝඩයින්ගේ කැරැල්ලක්. අපි එහෙම කියන්නේ එම කැරැල්ලට නායකත්වය දුන් න්‍යායාචාරයින්ට මෙන් ම දේශපාලකයින්ට ද කැරැල්ලෙන් පසු සිදු වෙන්න යන දෙය පිළිබඳ කිසිම අදහසක් නැති වීම නිසා....

මහින්ද-මුවහමට තැලීමෙන් පළක් නැත. වඳබව පිළිගන්න

මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ පැවති රාජ්‍ය ආයතන විසි ගණනක වැය ශීර්ශය ඔහුගේ පුද්ගලික වියදමක් සේ හුවා දැක්වීමේ පහත් ගණයේ උත්සාහයක් සිරස රූපවාහිනය නිර්ලජ්ජිත ලෙස අද ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණි. වියදම් අඩුවූයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ එවකට පැවති ආයතන සිරිසේනගෙන් ගලවා අගමැතිවරයා යටතට ගෙන ඇති නිසා මිස අන් හේතුවක් නිසා නොවේ....

සිතනවාට වඩා අනතුර ගැඹුරුය‍‍. ඊළම පෙනෙන දුරින්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ හදිසිය පැහැදිළි සංදර්ශනයක් වූව ද එහි ශ්‍රී ලංකාවේ පැවැත්ම පිළිබඳ දැවැන්ත අනතුරක බිජු සැඟ ව තිබෙන බව අපි අවධාරණය කරමු. මියගිය සෝභිත හිමියන්ගේ ලාමක හා එනිසා ම විනාශකාරී වූ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ විධායක ජනාධිපති ධුරය, එහි අතුරු ආබාධ ගැන සැලකිල්ලක් නැතිව ම අහෝසි කිරීම ය....

දැනෙන බසින් බටහිරට පාඩම්

160කට මරු කැඳ වූ ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරය අපගේ ඇස්පනාපිට අපට පෙන්වා සිටින්නේ මැදමුලන බයියාගේ ප්‍රඥාවේ ආලෝකය ද සකලවිධ බටහිර ප්‍රජාවේ මුග්ධබවේ අඳුර ද අතර වෙනසයි. අද ප්‍රහාරයට ලක් වූ ප්‍රංශයේ, හිටපු විදේශ ඇමති බර්නාඩ් කුෂ්නර් මිලිබෑන්ඩ් ද සමග එදා ඇඹිලිපිටියට විත් මහින්දට කීවේ වහාම කොටි ත්‍රස්තයින්ට එරෙහි මෙහෙයුම් නවත්වන ලෙස ය....

අපතයින් ගැන

මහින්ද හා ගෝඨාභය සමග දේශපාලන විරුද්ධත්වයට එහා ගිය බද්ධ වෛරයකින් රාජිත, චම්පික හා අර්ජුන දැඩි සේ රෝගාතුර වී සිටින බව මොනවට පැහැදිළි ය. විටෙක මොවුන් චන්ද්‍රිකාගේ හෝ අන්කිසි ප්‍රබලතම දේශපාලකයෙකුගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව සිතිය හැකි ය....

හිමි එන්න පමා නෑ

වැඩ වුන්න උස් තැනින්නුඹ නුඹට එරෙහි ව මඅන් තැනක රැගෙන ගොස්රට නොරට කරන්නටවෙර දැරූ උන් කෙරෙහි මිසනොමැත නුඹ කෙරෙහිමා තුළ අබමල් රේනුවක නොමනාපයක්.එදා දත්මිටි කමින්වැරෙන් දෑතම තබා නුඹ විසින් ඉහළට නංවා තැබූ මේ දේශයපෙරදින ඒ ගැනහාන්කවිසියක් නොදත් නොදරුවෙකු සේකොටි හිවල් රැලක් වෙතපාවා දෙන්නට වෙර දැරූ අයුර දෙසමවිතයෙන්බැලුවෙමි....

‘පුරවැසි බලය’ හෙළුවෙන්

සිසු උද්ඝෝෂණය පිටුපස වගේ ම ඔවුන්ට පහරදීම පිටුපසත් අදිසි බලවේගයක් තියනව කියල 'පුරවැසි බලයේ' කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ බිබීසි සංදේශයට කියනවා. සබාවේ මහහඬින් සිනා....

සිංහලයා ප්‍රකෝප නොකරන්න !

දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමේ වත්මන් ආණ්ඩුවේ උපන් ගෙයි වරද වහා නිවැරදි කර නොගතහොත් ඉවසීමේ සීමා පැන සිංහලයා ද ජාතිවාදය දෙසට තල්ලු වීමේ පැහැදිළි අනතරුක් නිරීක්‍ෂණය වී තිබේ. ආණ්ඩුව හා එහි පාර්ශවකරුවන් මෙරට දෙමළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම සිංහලයාගේ වරදින් සිදුවූවක් ලෙස හුවා දක්වමින් එම විස්වාසය මත සිට සියළු තීරණ ගන්නා බව මේ වන විට පැහැදිළි ව පෙනෙන්නට තිබෙන කරුණකි....

සර්පයා නගුටෙන් අල්ලා ගැනීම

සිදුවීයැයි කියන යුධ අපරාධ සඳහා ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට හා එය මෙහෙය වූ දේශපාලන තන්ත්‍රයට දඬුවම් ලබා දීම තුළින් ප්‍රශ්නය‍ට විසඳුම ලැබේ යැයි දෙමළ දේශපාලකයා, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා රජයේ කොටස් ද විස්වාද කරනු පෙනේ. එසේ කිරීමෙන් මේ විෂම චක්‍රය අවසන් වේයැයි ඔවුන් සිතන්නේ ද?...

මේ අවසන් වූයේ ඉතිහාසය ද ප්‍රජාතන්ත්‍රවාදය ද ?

සෝවියට් රුසියාව කඩා වැටීමෙන් පසු නව ලිබරල්වාදයේ ලෝක ව්‍යාප්තියට තවදුරටත් කිසිදු දෘෂ්ටිවාදී සතුරෙකු ලොව නොපැවතුණ හෙයින් 1992 දී ප්‍රැන්සිස් ෆුකුයාමා නම් ඇමරිකානු විචාරකයා සිය End of History and The Last Man ‍නම් කෘතිය තුළින් පවසා සිටියේ ඉතිහාසය අවසන් බව ය. එහි අර්ථය වූයේ මින් පසු ඇරඹෙන ඉතිහාසය තුළ මුළු ලෝකය ම නවලිබරල්වාදය පිළිබඳ ඉතිහාසයක් හෙයින් එය අනාගතයේ කොතෙක් දුරට ගොස් බැලුවද එය නවලිබරල් ඉතිහාසයක් ම වන නිසා ය....

යුධ අපරාධ වාර්තා නව වර්ධන- විදේශ අමාත්‍යාංශය රටට එරෙහි මෙහෙයුමක?

එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ වාර්තාව සම්බන්ධ ඉතා භයානක පැති මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. ඔබ සැම දන්නා පරීදි පහුගිය රජය විසින් ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුධ අපරාධ සම්න්ධ ඉතා විස්වාසදායි හා පිළිගත හැකි කොමිසමක් හරහා විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලදී....

සම්බන්ධන් විපක්ෂ නායක වුවාට විරුද්ධ විය යුත්තේ ඇයි

ආර් සම්බන්ධන් විපක්‍ෂනායක ධුරයට පත්වීම පිළිබඳ ප්‍රශ්නය නැගෙන්නේ ඔහුගේ ජනවර්ගය පිළිබඳ පදනමින් නොවන බව බුකියේ රනිල්වාදී දේශපාලන කිරි සප්පයින්ට අවධාරණය කරමු. දමිළ ජාතිකයෙකුට මෙරට විපක්‍ෂ නායක ධුරය දැරීම තහනමක් නැත....