ලෙස්ටර් ! මා දුටු කරුණාවන්තම අධ්‍යක්ෂවරයා : – අනුලා කරුණාතිලක -

දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි....

ටයි මහත්තයා තමන්ගේ අයියා හදපු වචන වුණත් ගැලපෙන්නේ නැත්නම් අයින් කළා : අතුල රන්සිරිලාල්

• අතුල රන්සිරිලාල්ගේ රූපවාහිනි ආගමනය ගැන සිහිපත් කරමුද ?1983 ඔක්තෝබර් 03 වෙනිදා තමයි මම ජාතික රූපවාහිනියට බැඳුණේ....

මඩොල් දූවේ උපාලියි – ජින්නයි අද කියන කතාව : අජිත් ජිනදාස | පද්මසේන අතුකෝරල

1947 වසරේදී මුල්වරට ප්‍රකාශයට පත් වූ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" කෘතියට මේ වසරේදී වසර හැත්තෑවක් සපිරෙන අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැඟූ "මඩොල් දූව"ට වසර හතළිස් එකක් සම්පුර්ණ වේ. උපාලි සහ ජින්නා නම් ළමා චරිත ද්විත්වය කේන්ද්‍ර කොටගත් "මඩොල් දූව" යනු අජිත් ජිනදාසගේ සහ පද්මසේන අතුකෝරලගේ පළමු සිනමා රංගනයයි....

පළමු කවිපොත ගැන මට එතරම් විශ්වාසයක් තිබුණේ නෑ : ආරියවංශ රණවීර

ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරගේ නවතම කාව්‍ය සංග‍්‍රහය ‘‘තවමත් මල්’’ පසුගියදා ජනගත කෙරිණි. දශක තුනක පමණ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම කවියකු වන හෙතෙම ලෝක සාහිත්‍යයේ එන කෘති ගණනාවක් සිංහල බසට පෙරළුෑ පරිවර්තකයෙකුද වෙයි....

අපි දෙන්නා මුණගැහුණේ “රේඛාව” හින්දා : සුමිත්‍රා පීරිස්

1. සිංහල සිනමා ඉතිහාසයේ තිස් නම වැනි සිනමා නිර්මාණය "රේඛාව" ට දැන් අවුරුදු හැටයි....

Song of the Innocent : ජ්‍යෙෂ්ඨ උත්තමයින්ට නොඇසුණු අහිංසකයින්ගේ ගීතය

පාළුවට ගිය ගොඩනැගිල්ලක රූප රාමුවක් සමග ඇරඹෙන කෙටි චිත්‍රපටය නමින් "Song of the Innocent" බව දැන සිටියෙමි. වල් වැදුණු ගොඩනැගිල්ලය....

සිබිල් නැන්දාට අනූවයි

හැටේ දසකයේ සරසවිය පත්තරයේ ලිවූ කුසුමලතා ඇයය. ඕපාදූප දොඩවනවාට සැමියා අකැමති නිසා ඒවා දිනපොතක ලියූ කුසුමලතා ඇය ය....

ලිවීම කියන්නේ පරම දුකක් : මංජුල වෙඩිවර්ධන

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රථම වරට පැවැත්වූ රජත පුස්තක සම්මාන ප්‍රදානයේදී කෙටිකතා සඳහා රජත පුස්තක සම්මානය දිනා ගනු ලැබුවේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " කෘතිය ය. 2016 වසරේ ප්‍රකාශයට පත් වූ කෙටිකතා සංග්‍රහ 47 ක් අතරින් සම්මානයට පාත්‍ර වූ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " යනු "සම " ප්‍රකාශනයකි....

නිම්නයක හුදකලාව : බූඩි කීර්තිසේන

විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන යනු අනූව දශකයේ අභිනව සිනමා ප්‍රවණතාව ඔස්සේ සාම්ප්‍රදායික රිදී තිරය වෙනස් මගකට හැරවූ නිර්මාණකරුවෙකි. සිහින දේශයෙන් (1996), මිල්ලේ සොයා (2004), මාතා (2012) යන සිනමා නිර්මාණ ත්‍රිත්වයට අනතුරුව බූඩි යළිත් වරක් කරළියට පිවිසෙයි....

කවියන්ගේ ‘බයෝ ඩේටා’ එක නොව කවියේ ‘බයෝ ඩේටා’ එක හොයන්න : උපුල් ශාන්ත සන්නස්ගල

ඡායාරූපය : රන්දික අහංගම නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “හිඟමං යැදීම තහනං” කෘතිය පසුගිය 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මතු කළ ප්‍රධාන කරුණක් වූයේ කවිය අභිභවා කවියාගේ පෞද්ගලිකත්වය උත්කර්ෂයට නැගීම නිසා කවිය දෙවැනි වී කවියාගේ දුකට වෙළෙඳ‍පොළක් නිර්මාණය වීම පිළිබඳවය....

අම්මාවරුනේ ට වසර 35 යි : මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ

මව් ගුණ ගීතයක් කියූ පමණින්ම ලාංකීය අපගේ සිතට නිරායාසයෙන්ම නැගෙන එක් ගීතයක් ඇත.ඒ නන්දා මාලිනීයන්ගේ "අම්මාවරුනේ" නම් වූ සුමිහිරි ගීතයයි....

ගින්නෙන් උපන් සීතල : රිදී තිරයෙන් උපදින රෝහණ විජේවීර

"රැජණට එරෙහිව කැරළි ගැසූ වරදට දඬුවම් ලැබූ දොන් නන්දසිරි විජේවීර ඇතුළු සිරකරුවන් නිදොස් කොට නිදහස් කරයි" එලෙස ආරම්භ වන්නේ ඉතිහාසය තුළ මිහිදන් නොවූ කතා පුවතකි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන් අලලා නිමවන 'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය මේ වනවිට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දී තම රූ ගත කිරීම් අරඹා ඇත....