ජනවාරි 07 : ඇමරිකානු ක්‍රීඩිකා නැන්සි කෙරීගන් ප්‍රහාරයකට ලක් වේ

වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය....

ජනවාරි 01 : දකුණු අප්‍රිකානු මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි.

1977 වසරේ අදවැනි දවසක දකුණු අප්‍රිකානු සුදු ජාතික මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි. දේශපාලන රැකවරණ මත බිරිඳ සහ දරුවන් පස්දෙනා සමග ගැට්වික් ගුවන්තොටුපොළින් ලන්ඩනයට පිවිසෙන මේ නිර්භීත මාධ්‍යවේදියා තම සටන අත්නොහැර ඉදිරියටම ගෙන යයි....

දෙසැම්බර් 30 : Wounded Knee හි දී ස්වදේශික ඉන්දියානු වැසියන් සමූල ඝාතනය කෙරේ

වසර 127 ට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව විසින් ස්වදේශික ඉන්දියානු වැසියන් 146 දෙනෙක් කෲර ලෙස සමූල ඝාතනය කරන ලදි. වූන්ඩඩ් නී සංහාරය හෙවත් Wounded Knee Massacre ලෙස ඉතිහාසයට එක්වන මේ සිදුවීමෙන් මිය ගිය ස්වදේශිකයින් ගණන දෙසියයද ඉක්මවා ඇතැයි ඇතැම් වාර්තා වල සඳහන් විය....

දෙසැම්බර් 27 : බෝම්බ ප්‍රහාරයකට ලක් වී බෙනසීර් භූතෝ ඝාතනය වේ

2007 වසරේ පෙර අද වැනි දවසක පාකිස්ථානයේ හිටපු අගමැතිවරිය වූ බෙනසීර් භූතෝ මැතිවරණ රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනය විය. වහලය විවෘත කළ රථයේ ගමන් කරන බෙනසිර් වෙත ආධාරකරුවන් අතරින් එල්ල වන වෙඩි ප්‍රහාරයකි....

දෙසැම්බර් 25 : රුමේනියාවේ ජනපති සහ ජනපති ආර්‍යාව වෙඩිතබා ඝාතනය කෙරේ

1989 වසරේ අදවැනි දවසක රුමේනියාවේ ජනපති නිකොලෙයි චෞෂෙස්කු (Nicolae Ceaușescu) සහ ජනපති ආර්‍යාව එලේනා වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. පැයකට අධික නඩු තීන්දුවකින් පසුව ගත් මෙම තීරණයත් සමගම එරට ඒකාධිපති පාලනය නිම වූ අතර රුමේනියාවේ වසර 42 ක කොමියුනිස්ට් පාලනය සහමුලින්ම උදුරා දැමිණ....

දෙසැම්බර් 24 : කූ – ක්ලක්ස් – ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ වේ

1965 වසරේ අදවැනි දිනයක ඇමරිකාවේ ටෙනීසී නුවරදී කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ විය. සේවාමුක්ත ඒකාබද්ධ හමුදා සෙබළුන් හයදෙනෙක් පිහිටුවා ගත් මෙම සංවිධානය ලෝක ඉතිහාසයට එක් වන්නේ මනුෂ්‍යත්වයට නිගා දෙන අසංස්කෘතික කල්ලියක් ලෙසිනි....

දෙසැම්බර් 17 : අරාබි වසන්තයට මග පාදමින් ටියුනීසියානු පදික වෙළෙන්දෙක් සිය දිවි නසා ගනී

2010 වසරේ අදවැනි දවසක ටියුනීසියාවේ පදික වෙළෙන්දෙක් වූ මොහොමඩ් බෞසීසි රජයට විරෝධය පාමින් සිය සිරුරට ගිනි තබා ගනී. දින දහ අටක් කාලයක් තිස්සේ මරුවා සමග සටන් වදින බෞසීසි ජීවිත සටනින් පරාජයට පත් වෙද්දී ටියුනීසියානු පාලකයාගේ දුර්දාන්ත සමය උදා විය....

නොවැම්බර් 19 : Milli Vanilli සංගීත කණ්ඩායමට පිරි නැමූ ග්‍රැමි සම්මානය අහිමි කෙරේ

1990 වසරේ අද වැනි දවසක " ගී නොගයා තොල් සොල්වමින්" ලොවම රැවටූ "මිලි වැනිලි" ( Milli Vanilli) සංගීත කණ්ඩායමට පිරිනමා තිබූ ග්‍රැමි සම්මානය අහිමි කරන ලදි. මෑතකාලීන සංගීත ඉතිහාසයේ වාර්තා වූ නින්දාසහගතම සිදුවීමේ වග උත්තරකරුවන් වූ "මිලි වැනිලි" ගායකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ කළමණාකරුවාට තම වංචාකාරී ක්‍රියාව ලොව ඉදිරියේ පාපොච්ඡාරණය කරන්නට සිදුවිය....

කසීර 2017-12-03 21:52:00

1978 වසරේ අද වැනි දවසක ගයනා වැසියන් නමසිය දහ හතර දෙනෙක් ආගමේ නාමයෙන් - සිය දිවි හානි කර ගත්තේ ඉතිහාසයේ සාහසිකම සිය දිවි හානි කර ගැනීම සනිටුහන් කරමිනි.1978 වසරේ නොවැම්බර් මස 18 වැනි දින, රැයක් පහන් වන පමාවට ජෝන්ස් ටවුන් මිටියාවත ප්‍රාණය නිරුද්ධ මිනිස් සිරුරු වලින් වැසී යන්නේ ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් ලෙසයි....

සිබිල් නැන්දාට අනූවයි

හැටේ දසකයේ සරසවිය පත්තරයේ ලිවූ කුසුමලතා ඇයය. ඕපාදූප දොඩවනවාට සැමියා අකැමති නිසා ඒවා දිනපොතක ලියූ කුසුමලතා ඇය ය....

නොවැම්බර් 05 : ඉරාන විප්ලවකාමී සිසුන් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ 90 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනී

වසර 38 ට පෙර අද වැනි දවසක ඉරාන විප්ලවකාමී ශිෂ්‍යයින් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ 90 දෙනෙක් ප්‍රාණ ඇපයට ගන්නා ලදි.එම දිනය ඉරානයේ ඉරණම වෙනස් කළ දිනයයැයි වර්තමානයේ සිට අතීතාවලෝකනයේ යෙදෙන්නේක්ට පැවසිය හැකි වේ....

ඔක්තෝබර් 09 : සදා නොමියෙන සටන්කාමියා චේ ගුවේරා ජීවිතක්ෂයට පත් විය

1967 වසරේ අද වැනි දවසක විප්ලවීය හදවත් තුළ සදා නොමියෙන සටන්කාමියා චේ ගුවේරා , බොලීවියාවේ "ල හිගේරා" හි අබලන් පාසල් ගොඩනැගිල්ලක් තුළ දී ජීවිතක්ෂයට පත් විය. සී....

සැප්තැම්බර් 29 : පලස්තීන දරුවෙක් ගාසා තීරයේ දී වෙඩි හුවමාරුවකට මැදි වේ

2000 වසරේ අද වැනි දවසක ගාසා තීරයේදී වෙඩි වරුසාවකට මැදි වුණු දොළොස් හැවිරිදි පලස්තීන දරුවා "මොහොම්මද් අල් - දුර්වා" අවාසනාවන්ත ලෙස මිය ගියේය .ඒ වන විට ගාසා තීරය යනු හුදෙක්ම මරණය සින්නකර ගත් බිම්කඩක් පමණකි....

ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා: ෆර්නැන්ඩි මැගලන්

ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා ලෙස ඉතිහාසයට එක්වූයේ දේශ ගවේෂකයෙක් වූ ෆර්නැන්ඩි මැගලන්ය. ඔහු පෘතුගීසි ජාතික වංශවතෙක් විය....

අගෝස්තු 26 : චික්තිසීය ගබ්සාවකට මුහුණ දුන් ෂෙරී ෆින්ක්බයින් නැවතත් ඇමරිකාවට ළඟා වේ

1962 වසරේ පෙර අද වැනි දවසක මහජන විරෝධය නොතකා චික්තිසීය ගබ්සාවකට මුහුණ දුන් ෂෙරී ෆින්ක්බයින් නැවතත් ඇමරිකාවට ළඟා වූවාය.ඒ වනවිටත් සිව් දරු මවක් වූ තිස් හැවිරිදි ෂෙරී ෆින්ක්බයින් (Sherri Finkbine) රූපවාහිනී ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස නම් දිනා සිටියාය....

අගෝස්තු 21 : පිලිපීන විපක්ෂ නායක බෙනිග්නෝ අකීනෝ මැනිලා ගුවන්තොටුපොළේ දී ඝාතනය කෙරේ

1983 වසරේ අද වැනි දවසක පිලිපීන විපක්ෂ නායක බෙනිග්නෝ අකීනෝ මැනිලා ගුවන්තොටුපොළේ දී ඝාතනය විය.1980 වසරේ දී හෘද සැත්කමක් පිණිස ඇමරිකාව බලා පිටත් වූ අකීනෝ (Benigno Aquino) නැවත මවුරටබලා පැමිණෙන්නේ තුන් වසරකට පසුවය....

අගෝස්තු 17 : බර්ලින් තාප්පයෙන් පනින්නට උත්සාහ කළ තරුණයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

1962 වසරේ අද වැනි දවසක දහ අට හැවිරිදි පීටර් ෆෙචර් , බර්ලින් තාප්පයෙන් පනින්නට ගොස් වෙඩි කා මියැදුණේය.ඔහු දිවි පරදුවට තැබුවේ නැගෙනහිර ජර්මනියේ සිට කේතුමතී පුරවරයේ පහස ලබනු පිණිසය....

අගෝස්තු 16 : Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි මිය යයි

1977 වසරේ අද වැනි දවසක Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි තම ජීවිත සිහසුන අතැර ගොස් තිබිණ.ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ග්‍රේස්ලන්ඩ් මන්දිරයේ නිදන කාමරයක ඇඳ අසල රතු පලසක් මත ඔහු වැටී සිටියේය....

අගෝස්තු 15 : ලෝ ප්‍රකට V-J Day in Times Square ඡායාරූපය ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේට්ගේ කැමරාවේ සටහන් වේ

 1945 වසරේ අද වැනි දවසක V-J Day in Times Square හෙවත් " ටයිම්ස් චතුරශ්‍රයේ ජය සැමරුම" නම් ලෝ ප්‍රකට ඡායාරූපය ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේට්ගේ කැමරාවේ සටහන් විය.ඒ ඇමරිකානුවන් වීදි බැස නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස්‍රයෙහි ජය සමරන මොහොතකි....

අගෝස්තු 11 : සෝලා බඩ් සහ මේරි ඩෙකර් ඔලිම්පික් උළෙලේදී ගැටේ

1984 වසරේ අද වැනි දවසක ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මේරි ඩෙකර් ගේ සහ සෝලා බඩ් ගේ පදක්කම් සිහිනය අවාසනාවන්ත ලෙස බිඳ වැටිණි.ඇමරිකානු ක්‍රීඩිකාව මේරි ඩෙකර්, එවකට මීටර 3,000 ඉසව්වේ ලෝක සූරිය ව සිටි අතර ඉතිරිව තිබුණේ තම මව් බිමේදීම ඔලිම්පික් රන්පදක්කම දිනා ගැනීම පමණි....

අගෝස්තු 06 : ජපානයේ හිරෝෂිමා නුවරට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ

වසර 72 ට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය....

අගෝස්තු 05 : හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ සිය දිවි නසාගනී

වසර පණස් පහකට පෙර අද වැනි දවසක හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ රිදී තරු වියන අතැර මරු වැළඳගන්නීය. විෂ ඖෂධ ශරීරගත වීමෙන් සිදු වූ සිය දිවි හානි කරගැනීමකැයි පැවසුණද , මෙය විසි වෙනි සියවස කැළඹූ , අදටත් ප්‍රශ්නයක් ඉතිරි කළ මරණයක් ලෙස සැලකේ....

අගෝස්තු 04 : ඈන් ෆ්‍රෑන්ක් සහ පවුලේ සාමාජිකයින් ගෙස්ටාපෝ රහස් පොලිසියේ අත් අඩංගුවට පත් වේ

1944 වසරේ අද වැනි දවසක ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් ගෙස්ටාපෝ රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනු ලැබිණ.කවුරුන් හෝ විසින් ඔවුන්ව පාවා දී තිබිණ....