එළ හරකයි මී හරකයි වගේ හවුල් ආණ්ඩුව තවත් බෑ.. ඡන්දෙන් පසු එජාප ආණ්ඩුවක් නැතිනම් එජාපය විපක්‍ෂයට..

ලබන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු තව දුරටත් ශ‍්‍රීලනිපය හා හවුල් ආණ්ඩුව කිසිසේත්ම පවත්වාගෙන යා යුතු නැති බව එක්සත් ජාතික පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රී පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහට යෝජනා කරන්නට යයි.එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චහින්ද විජේසිරි මහතා පවසන්නේ එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති නම් විපක්‍ෂයට යා යුතු යයි අගමැතිවරයාට යෝජනා කරන බවයි....

ජනාධිපති ධූරයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිට සදාචාරාත්මක අයිතියක් නෑ.. ඔහු දිවුරා ආවේ එය අහෝසි කරන්නයි.. ශ‍්‍රීලනිපයට දරුණුම අපරාධය කලේත් ඔහුයි..

වර්තමාන ජනාධිපතිවරයා පත්වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමටයි. එමෙන්ම ඔහු විසින් ගෙනා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තම ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩුකර පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්හ....

මැතිවරණ උණුසුම අස්සේ කරනම් පිට කරනම්…. එජාපයේ ප්‍රභල ඇමතිවරයෙක් මෛත්‍රීගේ තුරුලට….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භකර පසුව එජාපය සමග එක්වු එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයකු හෙට අනිද්දාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේම මැදිහත්වීම මත මේ ප්‍රබල ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානම් වෙමින් සිටින අතර අදාළ එජාප ප්‍රබල ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට අනිද්දා පැවැත් වෙන ජන රැළියකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වනු ඇතැයි දැන ගන්නට තිබේ....

ජනපතිගේ කාලය 06 වුනොත් භාරකාර ආණ්ඩුවක් !

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දිනය තුලදී ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිත අතර ඉන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් ලෙස තීන්දුකර තිබුණහොත් පළාත් පාලන මැතිවරණයෙන් පසු පරිවාස ආණ්ඩුවකට යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.පවතින දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් ස්ථාපිත කලයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධිකාරක නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා සති අන්ත ජාතික පුවත්පතකට ද ප්‍රකාශ කර තිබේ....

රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රින් 43ක් මෛත‍්‍රිට එයි..

පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය.මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලය...

ජනපති මෛත‍්‍රිට එජාපයෙන් ගහලා එලවනවා..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය නොගෙන එක්සත් ජාතික පක්‍ෂයේ හිරකාරයෙක් වූයේ නම් එජාපය විසින් අද වන විට ඔහු ගහලා එලවන බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක් වූයේ එය වැළැක්වීම සදහා බවත් ජනපති මෛත‍්‍රිත් රැකගෙන 2020දී ශ‍්‍රිලනිප ආණ්ඩුවක් බිහි කරන බවද ඔහු පැවසීය....

බලකණු ගැලවේ.. සබරගමු සද්දන්තයා මහීපාල හේරත් හා රත්නපුර මන්ත‍්‍රී චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට එක්වෙයි..[Video]

සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු වේදිකායට අද දිනයේ එක් විය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනරැළියකදී ඒ මහතා මෙසේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය....

මරික්කාර්ගේ කණ පුපුරන්න ලොකුගේ පහර දෙයි.. මරික්කාර් පොඩි ලමයෙක් වගේ දුවයි..- මෙන්න ඇසින් දුටු සාක්‍ෂිකරුගේ කතාව..

‘අපි පෝස්ටර් ටිකක් උස්සන් ඉද්දි අපට ගහල ඒ ටික උදුර ගත්ත. ගාමිණි ලොකුගේ මහත්තය දුන්න මරික්කාර්ගෙ කණ පුපුරන්න දෙකක්....

බැදුම්කරේ යට ගහන්න අගමැති බාලාංශ පන්තියේ වැඩක..

බැදුම්කර මගඩිය යටපත් කිරීමට දරන උත්සාහය සහ පළාත් පාලන මැතිවරණය ගැන අදහස් දක්වන ලද මාධ්‍ය හමුවක් රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ දී පවත්වන ලදී.එම අවස්ථාවට දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක නිශාන්ත වර්ණසිංහ සහ දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායක තුසිත බාලසූරිය යන අය සහභාගි විය....

ගාමිණි ලොකුගේ වාසුදේවට බිම වැටෙන්න ගැහුවා….මමත් කෙරුම්කාරයෙක් තමයි

එක්සත් ජාතික පක්ෂයේ අම්බරුවන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විථි සටන් දේශපාලන ක්‍රමය පහළට දාමා ක්‍රියාකරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.පසුගියදා පාර්ලිමේන්තුවේ දි ඇති වූ ගැටුම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා....

වැලේ තියන රෙද්ද හරි හොරකම් කරයි කියලා ගමේ එජාපයේ අය ගෙදෙට්ටවත් වැද්ද ගන්නේ නෑ!

බැදුම්කර ගණුදෙණුවට සම්බන්ධව සියළු පාර්ශවයන්ට දඩුවම් ලබා දෙන තුරු ඒකාබද්ධ විපක්ෂය සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.මන්ත්‍රිවරයා මේ පිළිබඳව පවසා සිටියේ කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ පිළිබඳව පවසා සිටියා....

රට අපායටත් අන්තයි…….! – සූර් උනාම ඒක පේන්නේ නෑනේ….ඒකයි ප්ලෑන් එක

අද වන විට ලංකාව අපායටත් වඩා අන්ත තත්ත්වයට පත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසනවා. අද(12) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා....

ප්‍රභාකරන් එක්ක හැප්පෙන්න පුළුවන් ගෝඨා හිරේ යන්න බය වෙන්නේ නෑ!

පවුලේ කුමන්ත්‍රණය නිසා ගෝඨාභය රාජපක්ෂ විදේශ ගත වු බවට මහ ඇමති ඉසුරු දේවප්‍රිය පැවසු ප්‍රකාශය පිළිබඳව රහස් පොලිසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.හම්බන්තොට ප්‍රදේශයේ පැවතිජන හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා....

ජනපති අගය කරමින් ජානිපෙ ප්‍රබල ක්‍රියාකරුවෙකු ශ‍්‍රීලනිපයට එක්වෙයි..(Photo)

ජාතික නිදහස් පෙරමුණේ කඑතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය සහය පළකරමින් ජනාධිපතිතුමා සමග එක්විය.අද (13) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා, වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට ජනාධිපතිතුමා ගන්නා වෙහෙස අගය කරමින්  ඊට සහය දැක්වීමට තීරණය කළ බව දන්වා සිටියේය....

ජනපතිගේ කාලය වසර හයක් නම් 19 සංශෝධණයත් අහෝසියි.. පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවිය හැකියි..

වත්මන් ජනාධිපතිගේ ධුර කාලය වසර හයක් යයි උපරිමාධිකරණය විසින් තීන්දු කලහොත් ඔහුගේ පාලන කාලය තුල 19 වන සංශෝධනය ක‍්‍රියාත්මක නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.එසේ වුවහොත් පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරීමේ බලයද ජනාධිපතිවරයාට ලැබෙන බවත මන්ත‍්‍රීවරයා කීය....

බැදුම්කරේ ගැන එජාප ඉල්ලීමට මැ.කො. පයින් ගහයි..

එක්සත් ජාතික පක්‍ෂයට මැතිවරණ සමයේ අවාසි වන නිසා මහ බැංකු බැදුම්කර වාර්තාව ගැන අදහස් පල කිරීම නවත්වා දමන ලෙස එජාපය විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.මැතිවරණ කොමිසම අදාල පැමිණිල්ල ගැන සලකා බලමින් තීරණය කර ඇත්තේ අදාල කටයුත්ත ගැන තීරණයක් ගැනීමට කොමිසමට හැකියාවක් නැති බවයි....

අපි දැං ඉන්නේ හෙළුවෙං.. අපට තවත් ගැලවෙන්න රෙදි නෑ..- නිර්මාල් දේවසිරි

ජනාධිපති ධුරයේ තම නිල කාලය අවසන් වන්නේ වසර 2020දීද 2021දීද යන්න සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි විවිධ අදහස් පල වෙයි.විහ්ව විදයාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ පුවත් අඩවියක යොමුවක්ද සමගින් තබා තිබුනේ මෙවන් සටහනකි....

ජනපති ලබාදුන් ඇතැම් පොරොන්දු කඩවෙලා – එජාප ඇමැතිගෙන් දෝස්මුරයක්

පිරිසිදු දේශපාලන ව්‍යුහයක් ගොඩනැඟීම වෙනුවෙන් ජනතාවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඇතැම් අවස්‌ථාවල කඩ වී ඇති බව වාරිමාර්ග සහ ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවැසීය.ඒ පසුගියදා වැනිදා නවගත්තේගමදී පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ බල මණ්‌ඩල රැස්‌වීම අමතමිනි....

කොළඹ මහ නගර සභාවේ දූෂණ හෙළිකිරීමට පොහොට්ටුව සැරසෙයි

කොළඹ නගර සභාවේ සිදුව ඇති දූෂණ වංචා රැසක් සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී හෙළිදරව් කරන බව එම නගර සභාව සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයෝ පිරිසක් කොළඹදී ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසූහ.පසුගිය කාලය පුරා නගර සභාව සිදු කළ ව්‍යාපෘති රාශියක මුල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවත් හිටපු නගරාධිපති ඒ....

රටින් පිට වූයේ රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක් නිසාද.. ගෝටාභයගෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක්..[Video]

අද වන විට අර්බුදයන්ට රට පත්ව ඇත්තේ ස්වභාවික විපත් නිසා නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.ඊට හේතුව වී ඇත්තේ පාලකයන්ගේ වැරදි ආකල්ප, වැරදි මතවාද, වැරදි දර්ශණවාදයන්, වැරදි ප‍්‍රතිපත්ති බව පවසන ඔහු වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ක බටහිර මතවාදයක් යයිද සදහන් කරයි....