සිරියානු යුද වාර්තාව – 2018 මැයි 21

සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් දකුණු ඩැමැස්කස් පොකට්ටුවේ සම්පුර්ණයෙන්ම සියතට ගැනීමට සමත්ව තිබේ.සිරියානු අරාබි හමුදාව දැනටමත් අල්-හජාර් අල්-අස්වාඩ් දිස්ත්‍රික්කයම  සහ ඉතිරි ප්‍රදේශත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇත....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 18

මැයි මස 17දා ඊශ්‍රායලය විසින් යටත් කරගෙන සිටින ගෝලාන් උස්බිම් හි මිසයිල අනතුරු ඇඟවීම් සක්‍රීය විය.ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය එක් මිසයිලයක් දියත් කරන ලදි....

ඇමෙරිකානු අවි සිරියාවේ ත්‍රස්තවාදීන් අතට පත් වූ හැටි

මධ්‍යස්ථ විපක්ෂය හෙවත් සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට එක්සත් ජනපදය විසින් සපයන ලද යුදෝපකරණ සහ උණ්ඩ අවසානයේදී අල්කයිඩා සංවිධානයේ ශාඛාවක් වන අල් නුස්රා සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය අතට පත් වූ බව ඇමෙරිකානු රූපවාහිනී නාලිකාවක් වන ෆොක්ස් නිවුස් ආයතනය වාර්තා කරයි.මේජර් අනස් ඉබ්‍රහීම් ඔබෙයිඩ් නැතිනම් අබු සෙයිඩ් නැමැත්තා සමග මැයි මස 16දා ෆොක්ස් නිවුස් රූපවාහිනී නාලිකාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවට අනුව අදාල ගනුදෙනුවේ තැරව්කරුවා ඔහුය....

සිරියාවේ සටන් වදින නූතන වයිකින්වරු

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ප්‍රබල ලෙස ඉස්මතු වූ සමයේදී ලොව සතර අතින් ඊට ස්වේච්චාවෙන් පුද්ගලයෝ එකතු වන්නට විය.යුරෝපා රටවල සිටින අන්තවාදී අදහස් දරන ඉස්ලාමීකයෝද ඒ අතර විය....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 17

සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් දකුණුදිග ඩැමැස්කස් හි අල්-හජාර් අල්-අස්වඩ් දිස්ත්‍රික්කයෙහි උතුරුදිග ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ස්ථාන රැසක බලය අත්පත් කර ගත්හ.අල්-කුඩ්ස් පල්ලියේ සිට එල්ල කරන ලද සාර්ථක ප්‍රහාරය හමුවේ ත්‍රස්තවාදීන්ගේ රැකවල් බිද වැටුණි....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 16

උතුරුදිග හෝම්ස් හි රස්ටාන් පොකට්ටුවෙන් කැරලිකරුවෝ ඉවත්ව යෑමත් සමග සිරියානු රජයේ හමුදා ඩැමැස්කස් - ඇලපෝ මාර්ගයේ නැගෙනහිර කොටසේ පාලනය සියතට ගන්නා ලදි.සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදා සහ එහි මිත්‍ර කණ්ඩායම් මෙම ප්‍රදේශයේ ජනාවාස 30කට වැඩි ප්‍රමාණයක පාලනය යළි ස්ථාපනය කලහ....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 15

මැයි 14දා ඊශ්‍රායලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම් නගරයේ විවෘත කිරිමත් සමග ගාසා තීරයේ ආරක්ෂක වැට අවට පලස්තීනුවන් ප්‍රචණ්ඩාකාරී අයුරින් හැසිරිණි.ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කල වෙඩි ප්‍රහාර වලින් පලස්තීන විරෝධතාකරුවෝ 59ක් මියගොස් 2,771ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 14

දකුණුදිග ඩැමැස්කස් හි බෙයිට් සාම්,බබිලා,සිඩි මික්ඩඩ් සහ යෙල්ඩා යන ප්‍රදේශ මුදා ගැනීමෙන් පසුව සිරියානු රජයේ හමුදා යාර්මුක් සරණාගත කඳවුර,ටාකාඩොම් සහ අල්-හජාර් අල්-අස්වඩ් හි උතුරු කොටසේ සිටින සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දෙසට සිය අවධානය යොමු කර තිබේ.සිරියානු අරාබි හමුදාව,ලිවා අල්-කුඩ්ස්,පලස්තීන විමුක්ති හමුදාව සහ රජයට පක්ෂපාතී අනෙකුත් කණ්ඩායම් විසින් අල්-හජාර් අල්-අස්වඩ් හි අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය,අසාඩ් බින් අල්-ෆියුරට් පාසල,පලස්තීන සරණාගතයන් උදෙසා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ පාසල,ජසීරා වටරවුම ආද...

එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීම සහ ඊශ්‍රායල ප්‍රහාරය

මැයි මස 8 වනදා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කලේ එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වන බවයි.ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ අදාල ගිවිසුමෙන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඇලුම්කම් අනාරක්ෂිත වීමයි....

රුසියානු විජයග්‍රාහී දින සැමරුම සිරියාවේත්

මැයි මස 9 වනදා රුසියාව මොස්කව් නගරයේදී 73 වන විජයග්‍රාහී දින පෙළපාලිය පත්වන අතරේ සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ රුසියානු හමුදාද සැමරුම් උත්සවයක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබිණි.පහත දැක්වෙන්නේ එහි විශේෂ අවස්ථා කිහිපයකි....

ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර:සිරියාවෙන් ප්‍රතිප්‍රහාර

මැයි මස 8 වනදා රාත්‍රියේ සිරියාවේ ඩැමැස්කස් නගරය අවට ප්‍රදේශවලට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.සිරියානු රාජ්‍ය පුවත් සේවය වන 'සානා' වාර්තා කලේ ඩැමැස්කස් ආසන්නයේ අල්-කිස්වාහ් හිදී මිසයිල දෙකක් බිම හෙළන්නට සිරියානු ගුවන් ආරක්ෂක බලකා සමත් වූ බවයි....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 8

උතුරුදිග හෝම්ස් ප්‍රදේශයේ රස්ටාන් පොකට්ටුවේ සිටි කැරලිකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවෝ ඉන් ඉවත්ව යෑම ආරම්භ කරන ලදි.තුර්කිය සහ එරට සහාය ලබන කැරලිකරුවෝ පාලනය කරන උතුරුදිග සිරියාවේ ජරාබුලස් නගරයට යෑම සඳහා මැයි මස 7 දා බස් රථ 62කින් කැරලිකරුවෝ පිටත්ව ගියහ....

සිරියාවේ රුසියානු ගුවන් යානා අනතුරු ඉහළට

නැගෙනහිර සිරියාවේදී රුසියානු කමොව්-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වීමෙන් නියමුන් දෙදෙනා මරණයට පත් වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මැයි 7 වාර්තා කර තිබිණි.මිය ගිය නියමුවන් දෙදෙනාගේ මළ සිරුරු හමු වී ඇති අතර ඒවා කමෙයිමිම් ගුවන් හමුදා කඳවුරට යවා ඇත....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 7

සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම්වල පීඩනය හමුවේ දකුණු ඩැමැස්කස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක විධිවිධාන සීඝ්‍රයෙන් බිදවැටෙමින් තිබේ.පසුගිය සති අන්තයේදී අල්-හජාර් අල්-අස්වඩ් දිස්ත්‍රික්කයේ දකුණුදිග කොටස සහ දිස්ත්‍රික්කයේ උතුරුදිග කොටසේ විදුලි බල මධ්‍යස්ථානයක් ඇතුව ඒ ආසන්න ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට රජයේ හමුදා සමත් විය....

හතු පිපෙන්නා සේ සිරියාවේ ඉදිකෙරෙන ඇමෙරිකානු හමුදා කඳවුරු

එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතාම නුදුරේදී සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බවයි.නමුත් දැන් ඔහු ගේ හමුදා සිරියාවේ සිදු කරමින් තිබෙන්නේ ඊට හාත් පසින් වෙනස් දෙයකි....

සිරියාවේ මෙහෙයුම් අතරතුර රුසියාවට සිදුවූ අහිමිවීම්

මැයි මස 3දා මෙයිමිම් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ සුකොයි-30එස් එම් ෆයිටර් ජෙට් යානයක් මධ්‍යධරණී මුහුද කඩා වැටීමෙන් නියමුවන් දෙදෙනා මරණයට පත් විය.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව අනතුරට හේතුව යානයේ එන්ජිමේ කුරුල්ලෙක් ගැටීමයි....

සිරියාවේ රුසියානු ගුවන් හමුදා කඳවුර – ඡායාරූප වාර්තාව

සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ අප්‍රේල් මාසයේ සිදු කල සංචාරයකදී ලබා ගත් ඡායාරූප එකතුවක්  ගසෙටා නම් රුසියානු පුවත් වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කර තිබිණි.සිරියාවේ මෙහෙයුම් සඳහා භාවිතා කරන ගුවන් යානා රැසක් එම ඡායාරූප එකතුවේ ඇතුලත් විය....

රුසියාවට සිරියාවේදී තවත් ගුවන් යානයක් හිමි වෙයි

මැයි මස 3දා රුසියානු ගුවන් හමුදාවට අයත් සුකොයි-30එස්  එම් ෆයිටර් ජෙට් යානයක් සිරියාවේ ලැටාකියා පළාතේ ආසන්නයේ මුහුදට කඩා වැටුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කීය."රුසියානු සුකොයි-30එස් එම් ෆයිටර් ජෙට් යානය මැයි මස 3දා මොස්කව් වේලාවෙන් උදෑසන 9....

සිරියාවට යැවූ රුසියානු සුකොයි-25 ප්‍රහාරක යානයේ නවතම මොඩලය

සිරියාවට යැවූ රුසියාව සතු සුකොයි-25එස් එම් 3 ප්‍රහාරක ගුවන් යානයේ සුපැහැදිලි ඡායාරූපයක් අප්‍රේල් මාසයේදී ප්‍රසිද්ධ කර තිබිණි.ඡායාරූපය ලබාගෙන තිබුණේ 2018 අප්‍රේල් මාසයේදී කමෙයිමිම්/මයිමිම් ගුවන් හමුදා කඳවුර තුලදීය....

සිරියාවේ සිටින ප්‍රංශ විශේෂ බලකා සෙබලුන් ගණන ඉහළට

ඇනඩොලු නම් තුර්කි පුවත් ඒජන්සිය අප්‍රේල් මස 27 පළ කල වාර්තාවකට අනුව අප්‍රේල් මස 26දා ඊසානදිග සිරියාවේ රමෙලන් නගරයේ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයට අයත් කඳවුරට අලුතින් ප්‍රංශ විශේෂ බලකා සෙබල ඒකක කිහිපයක් එක් විය.මෙම ප්‍රංශ ඒකක නැගෙනහිර සිරියාවට පැමිණියේ ඉරාකය සිටය....

සිරියාවේ රුසියානු සෙබලුන් – ඡායාරූප එකතුව

සිරියානු යුද්ධයට රුසියාව නිල වශයෙන් බිම් මට්ටමේ මැදිහත් වීම සිදු කරන්නේ 2015 සැප්තැම්බර් මස 31දා පටන්ය.ඒ ඔවුන්ගේ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් ආරම්භ කරමින්ය....

සිරියානු යුද වාර්තාව – 2018 මැ‍යි 4

දකුණු ඩැමැස්කස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී සිරියානු රජයේ හමුදා ඉතා වැදගත් ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.මැයි මස 3දා සිරියානු අරාබි හමුදාව,පලස්තීන විමුක්ති හමුදාව,ලිවා අල්-කුඩ්ස් සහ සිරියානු රජයට පක්ෂපාතී අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පොකට්ටුව දෙකඩ කර අල්-හජාර් අල්-අස්වඩ් දිස්ත්‍රික්කය සහ යාර්මුක් සරණාගත කඳවුර අතර ස්ථාන කිහිපයක් අල්ලා ගැනීමට සමත් විය....

සිරියාවේ භූමිකම්පාවක් ඇති කල ඊශ්‍රායල ප්‍රහාරය

සිරියානු රජයට පක්ෂපාතී හමුදා ඉලක්ක කරගෙන අප්‍රේල් මස 29දා මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල විය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ඊශ්‍රායල ගුවන් හමුදා එදින රාත්‍රීයේදී ඉලක්ක තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ....

සිරියානු යුද වාර්තාව – 2018 මැයි 3

පසුගිය දින කිහිපය තුල සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සටන්කාමී කණ්ඩායම් දකුණු ඩැමැස්කස් හි යාර්මුක් සරණාගත කඳවුරේ උතුරු දෙසින් ඉදිරියට යෑමට සමත් වූ අතර ඔවුහු එහි වගාබිම් සහිත බටහිර අල්-හජාර් අල්-අස්වඩ් ප්‍රදේශයට ඇතුල් වූහ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ අමාක් නම් පුවත් සේවයට අනුව පසුගිය දින කිහිපයේ අල්-හජාර්  අල්-අස්වඩ් හි සිදුවූ සටන් වලින් සිරියානු හමුදා සෙබලුන් 20 දෙනෙක් මරා දමන්නට ත්‍රස්තවාදීහු සමත් ව තිබේ....