පෝදා පාහියංගල වන්දනාව

මේ අවුරුද්දේ වෙසක් පෝය දවසයි පොසොන් පෝය දවසයි යෙදිලා තිබුණේ හරි අපූරු විදිහකටයි. වෙසක් පෝය බක් මාසයේත් පොසොන් පෝය වෙසක් මාසයේත් යෙදිලා තිබුණා....

රයිගම් රාජධානියේ අසිරිය සොයා – 2 : පතහවත්ත රජමහා විහාරය

රයිගම් රාජධානිය මතක් උනහම ඊට පස්සේ මතක් වෙන්නේ අපි ඉතිහාස පොතෙන් ඉගෙන ගත්තු රයිගම් බණ්ඩාර කියන නාමය. කෝට්ටේ රජකම් කරපු හත්වන විජයබාහු තම පිය රජතුමාට එරෙහිව තම පුතුන් තිදෙනා කැරැල්ලක් මෙහෙය වූ බව ඉතිහාසයේ සදහන් වෙන කාරණාවක්....

රයිගම් රාජධානියේ අසිරිය සොයා – 1

අද ඉරිදා දවසේ ගෙදර කම්මැලිකමේ ඉන්නැද්දි නිකමට වගේ හිතුනා ළඟපාත කොහේ හරි ගිහින් එන්න තිබ්බා නම් හොඳයි කියලා. ඉස්සර වගේ නෙමේ අපේ මලයට පින් සිද්ධ වෙන්ඩ උගේ බයිසිකලේ මට දීලා ගිය නිසා හිතෙන හිතෙන ඕනම තැනකට ගිහින් එන්න ලේසියි....

සඳගලතැන්නෙන් සිරිපා කරුණා කළෙමු.

සිරිපා කරුණා කරන්න පාරවල් 6ක් තියෙනවා කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. මේ වෙනකොට මම රත්නපුර පලාබද්දල  පාරයි හැටන් නල්ලතන්නිය පාරෙයි සිරිපා කරුණා කරලා තියෙනවා....

සිරිපා කරුණාවේදී අප දකින සුන්දරත්වය

මේ සිරිපා වන්දනා සමයයි. සිරිපා වන්දනා සමයේදී වන්දනාකරුවන් සිරිපා කරුණා කිරීම සදහා ප්‍රධාන මාර්ග දෙක ඇතුළුව ගමන් මාර්ග 6ක් මේ වන විට භාවිත කරයි....

මාදු ගඟේ බෝට්ටු සවාරිය -2

මමත් මගේ කාර්යාල සගයෝ ටිකත් එක්ක මාදු ගඟේ බෝට්ටු සවාරියක් ආවා මතක ඇතිනේ. ඒ යන ගමන් මාදු ගඟ කියන්නේ රැම්සා තෙත් බිමක් ය කියලා මම තවත් තැනක කිව්වා මතක ඇති නෙහ්....

තෙත් බිම් සදහා වූ රැම්සාර් සම්මුතිය

එක් පසෙකින් ඇල්බස් කඳු වැටියත් අනෙක් පසින් කැස්පියන් මුහුදු තීරයටත් මැදිවූ වූ ඉරානයේ රැම්සාර් කියන නගරයට විවිධ රටවල ජාතින් 18ක්,  1971 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 2වෙනි දින රැස් උනා. ඒ එක් සුවිශේෂි සම්මුතියකට එළෙබීම සදහා....

මාදු ගඟේ බෝට්ටු සවාරිය

ගෙවුනු සති අන්තයේදී මාත් මා සේවය කරන කාර්යාලයේ කට්ටියකුත් එක්ක පොඩි සංචාරයක යෙදුනා. අපි සංචාරය කලේ රටේ දකුණු පළාතේ පිහිටි ගංගාවක් ආශ්‍රිත ජලජ පරිසර පද්ධතියක් බලන්න....

ලංකාවේ පාලම් – 1 වෙනි කොටස

ලංකාවේ තියෙන සැතපුම් කණු ගැන ලිව්වට පස්සේ මට හිතුනා පාලම් ගැනත් පොඩිවට මොනාහරි ලිව්වොත් හොඳයි කියලා. ඉතිං අද ලිපිය වෙන් වෙන්නේ ලංකාවේ එදාමෙදාතුර තිබ්බ පාලම් වෙනුවෙන්....

ලංකාවේ සැතපුම් කණු

යම්කිසි  බරක්, යම්කිසි දුරක් හෝ යම්කිසි කාළයක් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කිරීම සදහා  මිනුම් ඒකකයක් ඈත  අතීතයේ පටන්ම මිනිසුන්ට උවමනා කර තිබුණි. ඒ සදහා කලින් කලට ඔවුන් විවිධ මිනුම් ඒකකයන් නොයෙකුත් රාශීන් මැනීම සදහා භාවිතා කර තිබුණි....

රන්මුදු ඇල්ල

සීතාවක තෙත්බිම් උද්‍යානය බලලා ඉවර වෙලා අපි දවාලට කෑමත් අරගෙන පාරට ආවා. ඒ රන්මුදු ඇල්ල බලන්න....

සීතාවක තෙත් බිම් උයනට ගිය ගමන

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 25 වෙනිදා අපිට අපේ කන්තෝරුවෙන් නිවාඩුවක් ලැබුනා. ඒ නිවාඩු දවසේ කොහේ හරි යමු කියලා මාත්තෙක්ක එකට වැඩ කරන අපේ සගයෝ ටික කලින් කතිකා කරගෙන තිබුනා....

නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි

ඊයේ දිනය (නොවැම්බර් 25) අපට රාජකාරි නිවාඩු දිනයක් වූ නිසා මා ඇතුළු අපේ කාර්යාලයේ මගේ සගයන් කිහිප දෙනෙක් එකතුවී චාරිකාවක් ගියෙමු. අප ගියේ වැඩි ඈතකට නොවේ....

බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ

කලින් ලියපු බ්ලොග් ලිපියක මම කියපු විදිහට පානදුර කියන්නේ මගේ ජීවිතේ ඉතුරු කාළය ගෙවන්න තෝරගත්තු නගරය කියලා. පානදුරේ කිව්වට පානදුරේ ටවුමෙම නෙමේ....

නුවර එළියට යන අතරමග රම්බොඩ ඇල්ල ලඟදී

හුඟ දවසකින් කොහේවත් ඇවිදින්ඩ උනේ නෑ. ඒකට ආසන්නතම හේතුව වෙන්නේ අපේ නෝනා සෙනසුරාදා ඉරිදා දෙකේම අමතර පංති කරන්ඩ පටන් ගැනීම....

දෙමට මල් විහාරයෙන් යුදගනාවට

මගෙයි අපේ අප්පොච්චාගෙයි ඌව චාරිකාවේ අන්තිම් කොටස ලියන්ඩ ඕන කියලා හිතාගෙන උන්නට ඒක ලියන්ඩ උනේ නෑ.එක එක වැඩ සෙට් වෙලා ඒක මග ඇරුනා....

මොණරාගල ගමන

මම නත්තල් නිවාඩුවට අපේ මලයාට පත්වීම ලැබිච්ච මොණරාගල දිස්ත්‍රික් රෝහලට ගියා මතක ඇතිනේ. මේ ගමන ගියේ මායි අපේ තාත්තයි විතරයි....