වෙරෝනිකා පිටස්තරයි – 2

“”””….සඳ දිය කුමුද පාරන, තරු පවා ඉන් රතුවුණ, නිමන මත තණ ගොබලු දළුලන, ඩයෝනීසියානු හෝරාව එළඹිලා… දෙඅදර උණුහුම් ප්‍රණීත හාදු වැසි වස්සන්න තුරුළු වී ඇස් පියා සැනසෙන්න ඔබ යළිත් මැදියමේ කොටු පවුර උඩින් පැන දෑසමන් වැල දිගේ මා වෙතට පැමිණෙන්නේ කවදාද.....

මට හිතුනේ නෑ ඔබ හැර යන්න

ඉඩ දුන්නෙ නෑ මට ඔබ ඉව කර  හොයන්නට ඔබේ හුස්මක සුවඳ ඉඩ දුන්නෙ නෑ අසන්නට ගැහෙන හැටි ඔය හදවතේ රිද්මය ඉඩදුන්නෙ නෑ මරණීය රමණයකට පසුව තුරුළු වී නිදියන්ට ඔබේ උණුහුමට ඇසට ඇස යා කොට ඔබ හදේ ගැඹුර දැකගන්න දිනකට වරක් හෝ අමතන්ට ඉර එළිය නෑවුණු තණපිටියක අත්වැල් පටලවන් ඔහෙ ඇවිද යන්නට ගිණිපාට ඉර සයුරු පත්ලේ ගිලෙන සලරුව ඔබ එක්ක ගැවී ගෑවී නරඹන්ට….....