කාදිනල් තුමනි ; සීසර්ගේ දේ සීසර්ට දෙන්න

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියට අනුව ස්ත්‍රියකට වයස අවුරුදු 16 ට අඩු වන විට ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සංසර්ගය සඳහා ප්‍රවේශ වීම ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වේ.නමුත් ලංකාවේ නීතියට අනුව ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම විවාහ වීමට නම් වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුය....

උරය පලා සැතකින් බලන් රුහිරූ : ඉලංචේලියන් vs සරත් හේමචන්ද්‍ර

යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසහර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයන්නට ගොස් වෙඩි වැදීමෙන් මියගියේ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාය. මියගිය සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීමට ගිය විනිසුරුවරයා ඔවුන් ඉදිරියේ අතිශය සංවේදීව හැසිරුණු ආකාරය මාධ්‍ය වල පළවීමත් සමගම එම සිංහල - දෙමළ හැඟීම සහ හෘද සාක්ෂියේ කතාව පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....

මට හොඳටම ලියන්න පුළුවන් සිංහලෙන් : චාරුලතා අබේසේකර තේවරාතන්‍ත්‍රී

මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා පිරිනැමෙන ග්‍රේෂන් ත්‍යාගය 2016 වසර සඳහා දිනාගනු ලැබුවේ චාරුලතා තේවරාතන්‍ත්‍රී විසිනි. Stories නම් වූ කතා පිටපත වෙනුවෙන් ග්‍රේෂන් සම්මානය දිනා ගත් මේ ලේඛිකාව අප මුලින්ම හඳුනාගන්නේ චාරුලතා ස්වේතාම්බරී අබේසේකර යන නාමයෙනි....

ලිවීම කියන්නේ පරම දුකක් : මංජුල වෙඩිවර්ධන

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රථම වරට පැවැත්වූ රජත පුස්තක සම්මාන ප්‍රදානයේදී කෙටිකතා සඳහා රජත පුස්තක සම්මානය දිනා ගනු ලැබුවේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " කෘතිය ය. 2016 වසරේ ප්‍රකාශයට පත් වූ කෙටිකතා සංග්‍රහ 47 ක් අතරින් සම්මානයට පාත්‍ර වූ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " යනු "සම " ප්‍රකාශනයකි....

ප්‍රමාදය නිසා චිත්‍රපටකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා : ප්‍රසන්න ජයකොඩි

සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න ජයකොඩි ගේ නවතම සිනමා නිර්මාණය "28" පසුගිය 02 වැනිදා සිට ප්‍රදර්ශනය වීමට නියමිත ය. 2007 වසරේ දී 'සංකාරා" චිත්‍රපටය සමගින් අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රසන්න ජයකොඩි , ජාත්‍යන්තර සහ දේශීය ඇගයුමට පාත්‍ර වූ නිර්මාණකරුවෙකි....

පෙරුම් පුරාගෙන ආ සංසාරේ – පැතුමද සුණු විසුණුව වැටුණේ

දරුවෙක් අහිමි වීම යනු තමන් නැති වීම ම බව පැවසුවේ වෛද්‍ය මනෝරානි සරවනමුත්තු ය. 1990 පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරළවැල්ල මූදු තීරයෙන් හමු වූ ඇයගේ පුතු රිච්ඩ් ද සොයිසා ගේ ප්‍රාණය සුන් මළසිරුරට පමණක් ලඝු නොවන එම ප්‍රකාශය සෑම මවකටම පියෙකුටම අදාල වන බවට සැක නැත....

නිම්නයක හුදකලාව : බූඩි කීර්තිසේන

විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන යනු අනූව දශකයේ අභිනව සිනමා ප්‍රවණතාව ඔස්සේ සාම්ප්‍රදායික රිදී තිරය වෙනස් මගකට හැරවූ නිර්මාණකරුවෙකි. සිහින දේශයෙන් (1996), මිල්ලේ සොයා (2004), මාතා (2012) යන සිනමා නිර්මාණ ත්‍රිත්වයට අනතුරුව බූඩි යළිත් වරක් කරළියට පිවිසෙයි....

කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් සහ ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල

ඛේදවාචකීය සංකේතය විය යුත්තේ කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් ද ? පොටෙම්කින් නගරයකට යටව මියැදුණු ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල ද ?...

ජාත්‍යන්තරයේ කන්‍යා පටලය සිඳලූ සයිටම් විරෝධතාව

1987 දී රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් තඩි බෑ සේවා නියුක්ත නාවුක සෙබළා විජිත රෝහණ විජයමුණි ය. අද වන විට ඔහු රණවිරුවෙකු ලෙසත් දේශප්‍රේමියෙකු ලෙසත් හඳුන්වනු ලබන්නේ ආරාධිත රාජ්‍යතාන්ත්‍රිකයෙක් හට පහර දීම යනු විරෝධතාවයක ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය නිසාය....

විශ්ව කීර්තිය පමණක් දියාරු වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල

වසර 8 කට පසු පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් නිම වූ අතර අට වසරකට පසු හෝ ලාංකීය සිනමාව දෙස අවධානය යොමු වීම පැසසුම්සහගතය. සම්මාන පිරිනැමිණ....

කවියන්ගේ ‘බයෝ ඩේටා’ එක නොව කවියේ ‘බයෝ ඩේටා’ එක හොයන්න : උපුල් ශාන්ත සන්නස්ගල

ඡායාරූපය : රන්දික අහංගම නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “හිඟමං යැදීම තහනං” කෘතිය පසුගිය 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මතු කළ ප්‍රධාන කරුණක් වූයේ කවිය අභිභවා කවියාගේ පෞද්ගලිකත්වය උත්කර්ෂයට නැගීම නිසා කවිය දෙවැනි වී කවියාගේ දුකට වෙළෙඳ‍පොළක් නිර්මාණය වීම පිළිබඳවය....

අම්මාවරුනේ ට වසර 35 යි : මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ

මව් ගුණ ගීතයක් කියූ පමණින්ම ලාංකීය අපගේ සිතට නිරායාසයෙන්ම නැගෙන එක් ගීතයක් ඇත.ඒ නන්දා මාලිනීයන්ගේ "අම්මාවරුනේ" නම් වූ සුමිහිරි ගීතයයි....

කුලියාපිටිය : නොතලන් මල් කැකුළු ……..

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ "සෙංකොට්ටං" හි වීරප්පුලි හේනයා ට තම ආදරණීය මුණුබුරා වන බබා හේනයා ව පාසලට ඇතුළත් කිරීමට ඉඩ නොදෙන්නේ සුන්දර යැයි කියා ගන්නා ගම ය. එහි වෙසෙන නිර්ව්‍යාජයැයි කියා ගන්නා ගම්වැසියන් ය....

ගින්නෙන් උපන් සීතල : රිදී තිරයෙන් උපදින රෝහණ විජේවීර

"රැජණට එරෙහිව කැරළි ගැසූ වරදට දඬුවම් ලැබූ දොන් නන්දසිරි විජේවීර ඇතුළු සිරකරුවන් නිදොස් කොට නිදහස් කරයි" එලෙස ආරම්භ වන්නේ ඉතිහාසය තුළ මිහිදන් නොවූ කතා පුවතකි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන් අලලා නිමවන 'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය මේ වනවිට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දී තම රූ ගත කිරීම් අරඹා ඇත....

මළ / නොමළ දෙව්මි නංගී වෙතටයි

මළ / නොමළ දෙව්මි නංගී වෙතටයි ,නංගී තවමත් ජීවතුන් අතර ඉන්න වග අසා අපි ඉමහත් කම්පාවට සහ සෝකයට පත් වීමු. ඔයා නොමළ සෝකය නිසාම අපේ රටේ ප්‍රමුඛ පෙළේ වෙබ් සයිට් කීපයක බහිස්‍රාවීය කටයුතු ද අඩාල වූ බව නංගී දන්නවාද ?...

දේශප්‍රේමීත්වය සහ එටිසලාට් සිම් සමග අපි

" රටකරවන්න නම් මසුරන් ඇතිව කැටේ  වටිනා කියන දේ විකිණිය යුතුය රටේ "මේ ගී පද දෙක යළිත් කරළියට එන්නේ 1997 කාලයේ එප්පාවල පොස්පේට් නිධිය ඇමරිකානු සමාගමකට පැවරීමත් සමග ය. අවසාන ප්‍රතිඵලය කුමක්දැයි දැන ගැනීමට නම් "බුලන්කුලම හා තවත් හයකට එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් හත්දෙනෙක්" නඩු තීන්දුව කියවා බලන්න....

තුවානම සිඹ කුණාටුව ලෙස – ඉරණවිලගින් නගී ගිනි කඳ

වසර 23 ක් තිස්සේ තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන ගිය ඉරණවිල සම්ප්‍රේෂණාගාරය වසා දැමීමට තීරණය කර ඇත. කෙටි තරංග විකාශන ශ්‍රාවකයින් ප්‍රමාණය අඩු වීම සහ කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී අවශ්‍ය ඉහළ පිරිවැය හේතුවෙන් මෙය වසා දැමූ බව හේතු ලෙස දක්වා තිබිණ....

රූපා රත්නසීලී සහ පාරිශුද්ධ පේරාදෙණිය

2016 ජූලි 12 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර වලෙහි රංගගත වූ "දුටුතැන අල්ලනු" වේදිකා නාට්‍යයේ එන සිප ගැනීමේ දර්ශනයක් අරභයා විශ්ව විද්‍යාල උප සංස්කෘතිය විසින් හූ තබා සෙරප්පු වලින් දමා ගසා සහ කා අවසන් බඩ ඉරිඟු දඬු වලින් දමා ගසති.---------------------------------------------------------------------------------------------------------------------------1960 දී තිරගත කළ "නළඟන" යනු ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කළ පළමු සිංහල චිත්‍රපටයයි....

කෙල්ලෙක් අතුරුදන්වීම සහ පොලිස් පූර්ව උපකල්පනය

පුංකුඩුතිව් හි විත්‍යා ද අද වන විට අතීතයට එක් වී අවසන්ය. දහ අට හැවිරිදි යෞවනිය තිඹිරි ගෙයට වඩා වැඩි වේදනාවක් අත් විඳිමින් සුසානයෙහි සැනසුම සොයා ගත් බව නොරහසකි....

කුලියාපිටිය : ළමයින් සුවඳයි කඳුළක දිලිසෙයි

කිරිඇල්ල මැදි විදුහල් භූමිය තුළදී දුල්මිණි ඉරෝෂිකා සිසුවියට පිහියෙන් ඇන මරා දැමුවේ එම පාසලේම ජයතිලක නම් සිසුවාය.මරණීය දණ්ඩනයට නියම වූ ජයතිලක සිසුවා වසර කිහිපයකට පසුව බන්ධනාගාරයේ සිටම උසස්පෙළ විභාගයට සහභාගී වී විශිෂ්ඨ ප්‍රතිඵල ලැබුවේය....

කුලියාපිටිය : සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන

1957 දී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්කන්සාහි පිහිටි ලිට්ල් රොක් උසස් පාසලට ඉතිහාසයේ මුල් වරට කලු ජාතික සිසුන් 9 දෙනෙක් ඇතුළත් කරනු ලබන්නේ අධිකරණ නියෝගයක ප්‍රතිඵලයක් ලෙසනි. සතියකට පසු ජනපති අයිසන්හවර් ගේ අණ මත ඇමරිකානු හමුදාවේ 101 වැනි වාසර බලකාය ලිට්ල් රොක් වෙත යැවීමට සිදුවන්නේ සුදු ජාතික සිසුන්ගේ මුග්ධ ක්‍රියා කලාපය පාලනය කිරීමටය....

ලුසී වැන්ඩස්ට්‍රාටන් vs ලුවී වැන්ඩස්ට්‍රාටන්

වර්ෂ 1885 දී ලුසී වැන්ඩස්ට්‍රාටන් මෙනෙවිය ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහල ආරම්භ කළාය. වසර 130 ක් තිස්සේ පවත්වාගෙන එන සවුත්ලන්ඩ්ස් හි ආදර්ශ පාඨය වන්නේ " ආදරයෙන් සහ එකිනෙකා කෙරෙහි යුතුකමින් රොද බැඳී ඇත" යන්නයි....