හත් පෙති මල ; ශේන්යා සහ අපි

ශේන්යා ට අරුම පුදුම හත් පෙති මලක් හම්බ වුණාට නානාප්‍රකාර වැඩ නිසා පෙති හයක්ම ඉවර වුණා. ඊට පස්සේ තමයි ශේන්යා ගේට්ටුව ළඟ වාඩි වෙලා හිටිය පිරිමි ළමයාව දැක්කේ....

මැණික් නදිය ගලා බසී : සෝමවීර සේනානායකගේ දිවි ගමන නවතී

1983 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබන්නේ මැණික් නදිය ගලා බසී නම් නවකතාවය. හදිසි සත් රුවනක් පහළ වී ධනපති පංතියට පිළිපන් පවුලේ ගෘහණිය එකල ඉඳිආප්ප තම්බමින් සිටි මිලි නෝනාය....

නැත ලොවේ අන් රසඳුනා – ආදරේ සේ සුව දෙනා

කිරීටයට උරුමකම් කියන රාජකීය ධූරාවලියේ සයවැන්නා වන හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙගන් මාකල් සමග විවාහප්‍රාප්ත විය. මෙගන් මාකල් හැරී කුමරුට වඩා වයසින් වැඩි , පෙර විවාහයකින් දික්කසාද වූ කාන්තාවක වීම මේ දිනවල වඩාත්ම කතා බහට ලක්වන උණුසුම් පුවත වී ඇත....

ලෙස්ටර් ! මා දුටු කරුණාවන්තම අධ්‍යක්ෂවරයා : – අනුලා කරුණාතිලක -

දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි....

මඩකලපුවේ සිට ග්‍රැමි සම්මානය දක්වා – කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර්

කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් යනු ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවේම පාසල් අධ්‍යාපනය ලද ශබ්ද ඉංජිනේරුවරයෙක් සහ ගී තැටි නිෂ්පාදකවරයෙකි. වර්තමානයේ ඇමරිකාවේ වෙසෙන හෙතෙම ලෝ ප්‍රකට හින්දුස්ථානි රාගධාරි සංගීතඥයින්ගේ සහ බටහිර සංගීතඥයින්ගේ ශබ්ද ඉංජිනේරුවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 36 වැනි ග්‍රැමි සම්මාන උළෙලේ හොඳම ගීත ඇල්බමය ( ලෝක මට්ටම ) සඳහා සම්මානයට පාත්‍ර වූ ඇල්බමයේ ශබ්ද ඉංජිනේරුවරයා සහ ඇල්බම නිෂ්පාදකවරයා ද වන්නේ කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් ය....

භික්ෂුව සහ ගිහි සමාජය : සිවුර සහ නගුල

අවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය....

ඩයන් ගෝමස් : පරාජයට අවජාතක වන්නට නොම දී දූපතකටම ජයග්‍රහණයේ පීතෘත්වය උරුම කිරීම

2008 බීජිං ඔලිම්පික් උළෙලේ බොක්සිං ෆ්ලයිවේට් බරපංතිය සඳහා සුදුසුකම් ලද අනුරුද්ධ රත්නායක වෙනුවෙන් එදා මෙදා තුර ඉතිහාසයේ පළමු ක්‍රීඩක කේන්ද්‍රීය පූර්ව ප්‍රචාරක සහ අභිප්‍රේරක මෙහෙයුම දියත් කළේ ඩයන් ගෝමස් ය. එම ප්‍රචාරණය කෙතරම් සාර්ථක වී ද යත් එවර ඔලිම්පික් උළෙලේ අනුරුද්ධ රත්නායකට කුමක් වේ ද යන්න බොහෝ දෙනාගේ සිත තුළ කුකුසක් ඇති කරන්නට සමත් විය....

Genie ගෙන් ලද වරම් : සොයා යන සත්‍යය එතැනය

The X Files කතා මාලාවේ එක් කතාවක පවසන්නේ Genie හෙවත් අද්භූත බලයක් ඇති කාන්තාවක විසින් අමනෝඥ කම්කරුවෙකුට ලබා දෙන වර තුනක් ගැනය. හෙතෙම පළමු වරයෙන් තම ලොක්කාගේ කට වසන්නැයි ඉල්ලා සිටි නිසා එක්වරම බැණ වදිමින් සිටි හාම්පුතාගේ කට අතුරුදන් වී ගියේය....

ටයි මහත්තයා තමන්ගේ අයියා හදපු වචන වුණත් ගැලපෙන්නේ නැත්නම් අයින් කළා : අතුල රන්සිරිලාල්

• අතුල රන්සිරිලාල්ගේ රූපවාහිනි ආගමනය ගැන සිහිපත් කරමුද ?1983 ඔක්තෝබර් 03 වෙනිදා තමයි මම ජාතික රූපවාහිනියට බැඳුණේ....

මඩොල් දූවේ උපාලියි – ජින්නයි අද කියන කතාව : අජිත් ජිනදාස | පද්මසේන අතුකෝරල

1947 වසරේදී මුල්වරට ප්‍රකාශයට පත් වූ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" කෘතියට මේ වසරේදී වසර හැත්තෑවක් සපිරෙන අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැඟූ "මඩොල් දූව"ට වසර හතළිස් එකක් සම්පුර්ණ වේ. උපාලි සහ ජින්නා නම් ළමා චරිත ද්විත්වය කේන්ද්‍ර කොටගත් "මඩොල් දූව" යනු අජිත් ජිනදාසගේ සහ පද්මසේන අතුකෝරලගේ පළමු සිනමා රංගනයයි....

ඕ .. ඕ .. කාන්තාබේන් – ජනතා විමුක්ති පෙරමුණ

රටක නීතිය කාන්තාවන්ට සහ පුරුෂයින්ට වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කිරීමට එරෙහි උත්සාහය බේබද්දියන් වැනි තැනකින් ලඝු කිරීමට හිටපු ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිනියක් ගෙන තිබූ උත්සාහය විකාරසහගතය. ඇය තවදුරටත් පක්ෂ ක්‍රියාකාරිනියක නොවේ යන්න හෝ පක්ෂයේ කාන්තා නියෝජනය සහ ඔවුන්ගේ මතවාද පිළිබඳ අභ්‍යන්තර ස්ථාවරය පොදු ජනතාවට අදාල නොවේ....

උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝ

අගමැතිවරයා ප්‍රිය සම්භාෂණයක තම ඥාතී කලා ශිල්පිනියක සමග රංගනයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වලට කටගැස්මක් වී ඇත. යුරෝපීය ඇඳුමට බර රනිල් වික්‍රමසිංහ නොදන්නා රබන් ගසන්නට ගොසින් හත්පොළේ ගා ගත්තාට වඩා මේ නැටුම අවංක බව බොහෝ දෙනෙකුට අමතකය....

පළමු කවිපොත ගැන මට එතරම් විශ්වාසයක් තිබුණේ නෑ : ආරියවංශ රණවීර

ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරගේ නවතම කාව්‍ය සංග‍්‍රහය ‘‘තවමත් මල්’’ පසුගියදා ජනගත කෙරිණි. දශක තුනක පමණ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම කවියකු වන හෙතෙම ලෝක සාහිත්‍යයේ එන කෘති ගණනාවක් සිංහල බසට පෙරළුෑ පරිවර්තකයෙකුද වෙයි....

අපි දෙන්නා මුණගැහුණේ “රේඛාව” හින්දා : සුමිත්‍රා පීරිස්

1. සිංහල සිනමා ඉතිහාසයේ තිස් නම වැනි සිනමා නිර්මාණය "රේඛාව" ට දැන් අවුරුදු හැටයි....

දැල්පන්දුව තිලකා ජිනදාසගේ අතට

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. වඩාත් පැහැදිලිව පවසනවා නම් ප්‍රමාද වී හෝ එම තීරණය ගන්නට බලධාරීන්ට සිදුව ඇත....

අතුල රන්සිරිලාල් , ඉතින් ආදර ,වේවා පතමි විශ්‍රාමික ජීවිතය, සුබම සුබ. !

යනවලු අද අතුල රන්සිරිලාල් මහත්තයා , අරගෙන විශ්‍රාම , කරපු කාලයක් තිස්සේ , රාජකාරියෙන් රූපවාහිනී. නැද්ද මතක ඔයාලට ?...

ෂැන්ග්‍රි ලා ඉදිරිපස බණ්ඩාරනායක පිළිරුව

"සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්....

ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය ; මම සුගත් ට ප්‍රේම කරමි.

ඕමාර් ඛයියාම් ගේ කවියක් වැරදි ලෙස ආදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි.ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය....

මරණයට මතකය උදුරාගත නොහැකිය

" කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අදුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු....

අලින්නේ අපේ කෙරුම්

1951 වසරේදී එරික් ස්වෝන් නම් වනජීවී ඡායාරූප ශිල්පියා තමන්කඩුව විල්ලුවේ දී ඇතින්නකගේ ප්‍රහාරයට හසුව මිය ගියේ අලි ඇතුන් කුපිත කරවා ඡායාරූප ගැනීමේ වීර වික්‍රමයේ අවසානය සුසානයෙන් සනිටුහන් කරමිනි. පසුකාලීනව ලාංකීය සිනමාවේ නම දිනූ සිනමා ඡායාරූප ශිල්පියෙකු වූ විලියම් බ්ලේක් ද එදා එරික් ස්වෝන් සමග සිටි ඡායාරූප ශිල්පීන් අතර විය....

Song of the Innocent : ජ්‍යෙෂ්ඨ උත්තමයින්ට නොඇසුණු අහිංසකයින්ගේ ගීතය

පාළුවට ගිය ගොඩනැගිල්ලක රූප රාමුවක් සමග ඇරඹෙන කෙටි චිත්‍රපටය නමින් "Song of the Innocent" බව දැන සිටියෙමි. වල් වැදුණු ගොඩනැගිල්ලය....

නැව් එන තුරු අපි

ඉතිහාස පොත් වල තියෙන දේවල් ඇත්‍ත නම් ලංකා ඉතිහාසයේ රාජ්‍යය සම්බන්ධ සෑම තීරණාත්මක අවස්ථාවකටම නැවක් සම්බන්ධය.රිපෝර්ට් කාඩ් එකේ ලකුණු හොඳ වැඩි නිසා විජය කුමාරයාව බෙකම් කට් එක ගසා ලංකාවට එවන්නේ නැවකිනි....

සිබිල් නැන්දාට අනූවයි

හැටේ දසකයේ සරසවිය පත්තරයේ ලිවූ කුසුමලතා ඇයය. ඕපාදූප දොඩවනවාට සැමියා අකැමති නිසා ඒවා දිනපොතක ලියූ කුසුමලතා ඇය ය....

කඳුලක හැඩය මහ සයුරේ දකීවිද

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශෙරී ඈචසන් (Sheree Atcheson) නම් තරුණිය තම ශ්‍රී ලාංකික මව සෙවූ පුවතත් , ඇයගේ මවයැයි පවසන කාන්තාවක් මැල්සිරිපුරයෙන් හමු වූ පුවතත් සිරස ටී වී ප්‍රවෘත්ති වෙතින් පසුගිය දින කීපයේ අසන්නට ලැබිණ.1991 පෙබරවාරි 28 වැනිදා නිරෝෂිණී ලෙස උපත ලබා , බ්‍රිතාන්‍ය ජාතික යුවළකට හදා වඩා ගැනීම පිණිස ලබා දුන් මේ දැරියට නිවුන් සොයුරියක් ද සිටින බව ඇයග් මව යැයි පවසන කාන්තාව හෙළි කර ඇත....