1948 ඩි.එස්.ගේ සිට මහින්ද රජය දක්වා ගත් සියලු ණය බිලියන 7,341යි.. රනිල්-මෛත්‍රී යුගයේ අද වනවිට බිලියන 10,269යි… 40% වැඩි කරයි..

1950 දි ශ්‍රීලංකාවේ දල දේශිය නිශ්පාදනයෙන් (GDP) 17% වූ ණය ප්‍රමාණය 1960 වනවිට 34% දක්වාත් 1970 දි 64% දක්වාත 1980 දි 77% දක්වාත් 1990දි 97% දක්වාත් වැඩි විය. නිදහස් ශ්‍රී ලංකාවේ පලමු වරට රටේ දල දේශිය නිශ්පාදනය අභිබවා එනම් 106% දක්වා ණය ප්‍රමණය ඉහල ගොස් රටේ සමස්ථ ආර්ථිකයේ රිනාත්මක තත්ත්වයකට පත්වූයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේය....

ඇමති රාජිතගේ සහෝදරයාට කොළඹ හතෙන් අක්කර පහක ඉඩමක් ටෙන්ඩර් නැතිව.. වටිනාකම බිලියන 10යි.. බැදුම්කරේ වගේමයි..

කොළඹ 07 කුරුදුවත්ත ටොරින්ටන් ප්‍රදේශයේ පර්චස් 870 ක් එනම් අක්කර 5 කට වඩා වැඩි රුපියල් මිලියන දහ දාහක් වටිනා ඉඩමක් රජයේ ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට වාර්තා කොට ඇති බැව් මේ ඉරිදා ” සන්ඩේ ටෛම්ස්” ඉංග්‍රිසි පුවත්පත වාර්තා කොට ඇත.අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොහොයුරු මහේල සේනාරත්න මහතාගේ සමාගමක් වන “ස්කයි මව්න්ට් හෝල්ඩින්ස්” (Sky Mount Holdings) විසින් මෙම ඉඩම ලබාගැනිමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බවත් එම සමාගම විසින් මහල් 42 කින් යුක්ත අති සුඛෝපභෝගි නිවාස 200 ක් සහිතව මෙම ඉදිකිරිම සිද...

එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..

එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කලේ දේශීය ව්‍යාපාර විනාශ කරමින් රාජ්‍ය දේපල හිතමිතුරන්ට හා විදේශිකයින්ට කුණු කොල්ලයට විකීනීම බවත්, චන්ද්‍රිකා කලේත් එයම බවත් අද ඉදිරියට ගෙනියන්නේ එම ප්‍රතිපත්තියම බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.ඔහු එසේ කීවේ පැලියගොඩ පැවති විද්වත් හමුවක් අමතමනි....

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති,මන්ත්‍රීවරුන්, නිලදාරින් එකට ගේම ගහලා… රුපියල් කෝටි 06ක් පිල්ලි ගසා අතේ මාට්ටු

කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැමිණිලි අංක ACC/FC/2016/564 යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගිවිසුම් ප්‍රකාරව නියමිත දිනට ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වීම මත අදාල කොන්ත්‍රාත්තුකරු විසින් නගර සභාවට ගෙවිය යුතු රුපියල් කෝටි 06කට අධික ප්‍රමාද ගාස්තු අය කරගැනීමට එම සභාව කටයුතු නොකිරීම හේත...

අවම කාන්තා නියෝජනය පනතේ නෑ.. මහරගම නාමයෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ නඩුව අසන අධිකරණයට දේශපාලන අතපෙවීම්..

පිවිතුරු හෙළ උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.පළාත් පාලන ආයතන තුල කාන්තාවන්ට 25%ක අවම නියෝජනයක් ලබා දුන්නා කියලා ආණ්ඩුව ලොකු පම්පෝරියක් ගැහුව්වා....

මෙන්න තවත් යහපාලන ගේමක් : ග්‍රාම නිළධාරීන් සඳහා TAB ව්‍යාපෘතිය වැඩි ලංසුවකට දෙන සුදානමක් !

දිවයින පුරා සිටින ග්‍රාමසේවක නිලධාරීන්ට 2 in 1 වර්ගයේ ටැබ් පරිගණක ලබාදීමේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ව්‍යාපෘතිය සම්බන්ධව බරපතල සැකසංකා මතුව ඇති බව වාර්තා වෙයි. මේ බව පෙන්වා දෙන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රජයේ සියලු පිළිගත් ප්‍රසම්පාදන නීති-රීති උල්ලංඝනය කරමින් වැඩි ලංසු ඉදිරිපත් කළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දී ඇති බවය....

ඉන්දියාවට කන්කසන්තුරේ වරායත් දෙයි.. ගිවිසුම අත්සන් තැබේ.. ත‍්‍රිකුණාමලයත් දෙන්න සූදානම්..

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ගිවිසුමක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කලේ යයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.ඩොලර් මිලියන 45....

නිදහස් පක්ෂ රැළියේ ප්‍රභාකරන්ගේ රූප – LTTE ගීතත් වාදනය කරයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනයේදී පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී LTTE ගීත කීපයක් වාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.විමුක්ති කොටි වැනි වදන් පළාත් පාලන මතිවරණයේදී යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විශේෂයෙන් උපදෙස් දී තිබියදී යාපනයේ එවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයින් කිහිපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථාන වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇති බවයි වාර්තා වන්නේ....

හයිවේ රොබරි මෙන්න.. කඩවත-කෙරවලපිටිය අධිවේගයෙන් කෝටි අටදාහක් ගසාකාලා..

අධිවේගී මාර්ග හදන්නේ රත්තරන් වලින්දැයි එදා ඇසු අයට වත්මන් රජය යටතේ අධිවේගී මාර්ග සෑදීමේ වියදම් අසීමිත ලෙස වැඩි වී ඇති බව නොපෙනෙන්නේ මන්ද කියා ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ නගරයේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමින් ප්‍රශ්ණ කලේය.” තමුන්නාසෙලාට මතක ඇති 2015 පොදු අපේක්ෂකයගේ මැතිවරණ ප්‍රකාශයේම අධිවේගී මාර්ග සෑදීමට යන වියදම ප්‍රශ්ණ කරල තිබුනා....

බැදුම්කර පාඩුව කැලේ….රටම ගිල ගන්නා වාහන මාෆියාවට කඩුව මොට වෙයිද?…

කුප්‍රකට වාහන ගෙන්විමේ මාෆියාකරුවන් ශ්‍රි ලංකා රාජ්‍යයට බිලියන ගණනින් බදු මුදල් අහිමි කරමින් සුඛෝපභෝගි කාර් තීරු බදු රහිතව රටට ගෙන්වීම සදහා කටයුතු කරන අකාරය අප පසුගියදා අනාවරණය කළා.මෙම කුමන්ත්‍රණය පසුපස වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවිර ප්‍රමුඛ කුප්‍රකට බදු වංචා කරුවන් පිරිසක් සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර වහාම මෙම ජාවාරම නතර කිරිමට කටයුතු නොකලහොත් මේ වසරේ මැද භාගය වනවිට රටේ ආර්ථිකය දරුණු හිගන තත්ත්වයකට පත්විය හැකි බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ....

විදේශ රැකියා එජාපයට පමණි….. ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සහ දූෂිතයන් පෙරමුනේ

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ නිලධාරියෙකු ලෙස මැදපෙරදිග ඇතුළු රටවල් කීපයකට පත් කරනු ලබන නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් කිසිවක් නොබලා ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සහ දූෂිතයන් පත් කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ.පවතින පුරප්පාඩු පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර 60කට ආසන්න පිරිසක් හොර පාරෙන් බඳවා ගැනීමට සූදානම් වේ....