පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සඳහා හේතුවන රෝග අතරින් පිළිකා රෝගය දෙවන ස්ථානය ගන්නා බව ඔබ දන්නවාද? එනම්, වසරක් තුළදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 11....

රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.

අධික රුධිර පීඩනය පාලනය කරගැනීමට මෙන්ම, එය වැළඳීම වළක්වා ගැනීම සඳහා ඔබේ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම වැදගත් වේ. ඔබ, අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ගන්නා අයෙකු වුවද ඔබේ ජීවන රටාවේ මෙම වෙනස්කම් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය බව අමතක නොකල යුතුය....

අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කිරීමේදී සෑම රෝගියෙකුටම දිනචර්යාවේ වෙනස්කම් සිදුකිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරයි. කෙසේ වුවත්, බොහොමයක් රෝගීන් සිදුකරන වැරැද්දක් වන්නේ, ඖෂධ මත පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමයි....

ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

ඔබගේ රුධිර පීඩනය මැනීම සඳහා වෛද්‍යවරයා සුළං පිරවිය හැකි පටියක් ඔබේ බාහුවේ ඔතා, එයට ක්‍රමයෙන් සුළං පුරවමින් සහ සුළං ඉවත් කරමින් පරීක්ෂා කරනු ඇත. ඒ සඳහා ඔහු හෝ ඇය රුධිර පීඩනමානය (Sphygmomanometer) නම් වූ උපකරණයක් භාවිතා කරයි....

ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු.

ශ්‍රී ලංකාව තුළ දැනට පැතිර යමින් පවතින සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ප්‍රධාන වශයෙන් ඇතිකරන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනාගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A මාදිලි දෙකක් වන H1N1 හා H3N2, සහ ඉන්ෆ්ලුවෙන්සා B ය....

අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.

අධික රුධිර පීඩනය (Hypertension) නිසා ඔබේ ධමනි නැමැති රුධිර වාහිනී වල බිත්ති මත වැඩි පීඩනයක් ඇතිවීමෙන්, ඒවාට සහ ඔබේ ශරීරයේ අවයව වලට හානි සිදුවිය හැක. රුධිර පීඩනය වැඩිවන තරමට සහ රුධිර පීඩනය පාලනය නොවී පවතින කාලය වැඩිවන තරමට, ඔබේ ශරීරයට සිදුවන හානිය වැඩිවේ....

අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?

අධික රුධිර පීඩනය (Hypertension) යනු බෝනොවන රෝග කාණ්ඩයට අයත් රෝග වලින් එකකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 1....

අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.

අධික රුධිර පීඩනය (Hypertension) යනු බහුලව දක්නට ලැබෙන බෝනොවන රෝග තත්ත්වයකි. මෙම රෝගය නිසා ඔබේ ශරීරයේ ඇති ධමනි (Arteries) ලෙස හැඳින්වෙන රුධිර නාල වල බිත්ති මත දිගුකාලීනව දැඩි පීඩනයක් ඇතිවන අතර, එමගින් විවිධ සංකූලතා ඇතිවිය හැක....

කිරීටක ධමනි රෝගය ගැන දැනුවත් වෙමු.

හෘදයේ සිට ශරීරයේ පටක වෙත රුධිරය ගලායන්නේ ධමනි (Arteries) නම්වූ රුධිර වාහිනී වර්ගයකිනි. සාමාන්‍යයෙන්, මෙම ධමනි වල බිත්ති මෘදු සහ ඇදෙන සුළු ස්වභාවයකින් යුක්තය....

බෝනොවන රෝග පිළිබඳව සමාජයේ පවතින වැරදි මත කිහිපයක්

බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) යනු කෙටිකාලීන ආසාදනයක් නිසා ඇති නොවන, දිගුකාලීනව ප්‍රතිකාර ගතයුතු හා සංකූලතා ඇතිකරන රෝග සමූහයකි. මෙවැනි රෝග, එක් පුද්ගලයෙකුගේ සිට තවත් අයෙකුට බෝවීම හෙවත් පැතිරීම සිදුනොවේ....

ඇදුම රෝගය (Bronchial Asthma) ගැන දැනගනිමු.

ඇදුම රෝගය (Bronchial asthma) යනු පෙනහලු තුළට වාතය ගෙනයන ශ්වාසනාල වල ඇතිවන දිගුකාලීන ප්‍රදාහයකි (Chronic inflammation). එය, ශ්වාසනාල (Airways) වල ඇතිවන අසාත්මිකතාවයක් (Allergy) වශයෙන්ද හැඳින්විය හැක....

උළුක්කුවක්, ඇදීමක් සිදුවුවහොත් කලයුත්තේ කුමක්ද?

දෛනික වැඩ කටයුතු කරගෙන යාමේදී, ශරීරයේ උළුක්කුවක් හෝ ඇදීමක් සිදුනොවුන කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්ය. ඒ තරමටම, උළුක්කුව සහ ඇදීම යනු නිතර සිදුවන අනතුරක් වේ....

සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!

සමේ පිළිකා පිළිබඳව පලකරන මෙම ලිපිය ‘සුව සෙවන’ වෙබ් අඩවියේ පලවන 150 වෙනි ලිපියයි. සමේ වර්ණය ලා පැහැති අයට සමේ පිළිකා වැළඳීමට ඇති අවස්ථාව වැඩි වුවත්, ඕනෑම අයෙකුට සමේ පිළිකාවක් වැළඳීමට ඉඩක් පවතී....

බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම, ඈත අතීතයේ පටන් පැවත එන පුරුද්දක් වන අතර, ඇඟ වෙහෙසා වැඩකරන අය අතර ජනප්‍රිය දෙයකි. ඇතැම් අය, ආහාර ගැනීමෙන් අනතුරුව, බුළත්විටක් සැපීමට පුරුදුව සිටිති....

ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?

වත්මන් සමාජයේ ඇති සෞඛ්‍ය ගැටළු අතරින්, රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) වැඩිවීම සැලකිය යුතු ගැටළුවකි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට ශරීරයේ බර වැඩිවීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ....

දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?

ඔබට දැනටමත් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus) වැළඳීමට හේතුවන අවදානම් සාධක එකක් හෝ ඇත්නම්, දියවැඩියාව වළක්වා ගැනීමට ගතහැකි උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම නුවණට හුරු වේ. ඔබට දියවැඩියාව වැළඳීමට කිසිඳු අවදානම් සාධකයක් නොමැති වුවද, දියවැඩියාව වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැක....

ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?

අනාගතයේදී, මාරාන්තික හෘදයාබාධයක් වැළඳීමට අවදානමක් ඇතිබවට අනතුරු හැඟවීමේ සංඥාවක් හෙවත් රෝග ලක්ෂණයක් ලෙස ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම හැඳින්විය හැක. පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තදවීමක්, බර ස්වභාවයක්, හෝ තද කිරීමක් ලෙස දැනෙන වේදනාවක් ඇන්ජයිනා ලෙස හැඳින්වේ....

ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු (Dengue) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු රෝගය පැතිර යන්නේ ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් මගිනි....

පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!

පිළිකා වලින් 1/3 ක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකර ගැනීමෙන් වළක්වා ගතහැකි බව ඔබ දන්නවාද? යහපත් ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානයෙන් වැළකීම, දුම්කොළ භාවිතයෙන් වැළකීම, සහ දුම්පානය නොකිරීම වැනි දේ මගින් ඇතැම් පිළිකා වලින් වැළකීමට හැකියාව ලැබේ....

අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?

සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා තෙවනුවට වගකිවයුත්තා වන්නේ අංශභාගයයි....

අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?

අලුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ....

අර්ශස් අමාරුව සුව කරගන්නේ කෙසේද?

අර්ශස් අමාරුව (Haemorrhoids) සඳහා රක්තාරිතාභය සහ මූලරෝගය යන නම්ද භාවිතා වේ. ගුද මාර්ගයේ සහ ගුදයෙහි ඇති ශිරා නැමැති රුධිර වාහිනී ඉදිමී, නෙරා විත්, ප්‍රදාහයක් ඇතිවීම අර්ශස් අමාරුව ලෙස හැඳින්විය හැක....

ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?

ඔබේ ගෙල දෙපස, ගෙල පිටුපස, දණහිස්, වැලමිට, අතේ මිට, සන්ධි අවට වැනි සමේ රැලි හා නැමුම් ඇති ස්ථාන වල අඳුරු පැහැයක් ඇතිවී, සම ඝනකම් වී, ලප හෝ ඉරි ලෙස දිස්වෙනවාද? මෙය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් (Acanthosis nigricans) නම්වූ සමෙහි ඇතිවන තත්ත්වයකි....