දරුවාගේ නාසයෙන් ලේ ගලනවා නම් කුමක් කළ යුතුද?

දරුවාගේ නාසයෙන් ලේ ගැලීම, බොහොමයක් දෙමව්පියන් හා වැඩිහිටියන් කලබලයට මෙන්ම, බියට පත්කරන සිදුවීමකි. කෙසේ වුවත්, නාසයෙන් ලේ ගැලීම දරුවන් අතර සුලබව දක්නට ලැබෙන තත්ත්වයක් වන අතර, එය බොහෝ අවස්ථා වලදී බරපතළ ගැටළුවක් නොවේ....

දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?

මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම විවිධ හේතූන් මත සිදුවිය හැක. එවැනි හේතූන් අතර මුත්‍රල පද්ධතියේ ආසාදන (Urinary tract infections or UTIs), ජනනේන්ද්‍රිය ආශ්‍රිත උද්දීපනය වීමක් (Irritation) , තුවාළයක්, හෝ අනතුරක්, හෝ මුත්‍රා ගල් ආදිය පැවතිය හැක....

දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?

විවිධ හේතූන් මත ඇදුම රෝගය (Bronchial asthma) එකවරම උත්සන්න විය හැකියි. මෙම දිනවල පවතින වැසි සහිත ස්වභාවය නිසාද, ඇතැම් අයට ඇදුම රෝගය උත්සන්න වනු දැකිය හැක....

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු ගණනාවක් ඇති අතර, ඒවා මවගේ මෙන්ම අලුත උපන් දරුවාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වේ. ඔබේ අලුත උපන් දරුවාට ඉතාම සුදුසු සහ ආරක්ෂිත ආහාරය මව්කිරි වේ....

දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

ඇතැම් විට, දරුවන් පපුවේ වේදනාවන් පිළිබඳව පැමිණිලි කරනු දැකිය හැක. සැබැවින්ම, ඔබේ දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?...

පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි හඳුනාගන්නේ කොහොමද?

තම දරුවා අසනීප වීමෙන් පසුව, යලි පාසල් යැවීමට සුදුසු අවස්ථාව කුමක් දැයි යන්න පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙමව්පියන්ට නැති බව පෙනේ. ඇතැම් දෙමව්පියන් දරුවා අසනීප තත්ත්වයෙන් සිටියදීම පාසල් යවන්නට උත්සුක වන අතර, ඇතැම් අය අසනීපය හොඳින් සුවවීමට පෙර පාසල් යවන අවස්ථාද පවතී....

දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

අසාත්මිකතාවයක් (Allergy) යනු සාමාන්‍යයෙන් හානිකර නොවන යම් සංයෝගයකට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) සටන් කිරීමේදී ඇතිවන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැක. මෙහිදී, එවැනි සංයෝග ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරට හානිකිරීමට පැමිණි ද්‍රව්‍යයන් ලෙස වටහාගැනීමක් සිදුවේ....

දරුවා වමනය කරනවා නම් ඔබ කුමක් කල යුතුද?

දරුවා වමනය කරනවා නම්, ඒ සඳහා හේතුවිය හැකි තත්ත්ව ගණනාවක් පවතී. නමුත්, වමනය කිරීම සඳහා බොහෝවිට හේතුවන්නේ අජීරණ තත්ත්වයකි....

දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

උකුණන් යනු ඉතා කුඩා, පියාපත් රහිත කෘමියෙක් වන අතර, මෙම කෘමියා හිසකෙස් මත ජීවත් වේ. උකුණන් පෝෂණය වන්නේ හිසේ සමෙන් ඉතා කුඩා රුධිරය ප්‍රමාණයක් උරා බීමෙනි....

දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

කුඩා දරුවන් නිතරම දුවමින්, පනිමින්, නගිමින් සෙල්ලම් කරනු දැකිය හැක. එය, ඔවුන් අවට පරිසරය විඳීමට සහ ගවේෂණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හැඳින්වීමට පුළුවන....

දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?

කුඩා දරුවන් අතර බඩේ කැක්කුම යනු තරමක් සුලභ රෝග ලක්ෂණයකි. තම දරුවාට බඩේ කැක්කුමක් සෑදුනු විට දෙමව්පියන් තරමක් කලබල වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි....

පිළිස්සුම් තුවාළ සිදුවීමෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

කුඩා දරුවන්ට සිදුවන අනතුරු අතර පිළිස්සුම් තුවාළ, ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි තත්ත්වයකි. එය, සුළු පිළිස්සිමක සිට ජීවිතයට අනතුරක් ගෙනදිය හැකි මාරාන්තික පිළිස්සීමක් දක්වා වෙනස් වියහැක....

දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

උගුරේ වේදනාව යනු දරුවන් අතර තරමක් සුලභ තත්ත්වයකි. බොහොමයක් උගුරේ වේදනාවන් හටගන්නේ වෛරස් ආසාදන හේතුවෙනි....

දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත්, එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට පවා තර්ජනයක් වියහැකි තත්ත්වයකි. බොහොමයක් අවස්ථා වලදී, දෙමව්පියන් හෝ වැඩිහිටියන් අනවශ්‍ය ලෙස කලබලයට පත්වී ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා තත්ත්වය දරුණු අතට හැරීම දක්නට ලැබේ....

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු සියල්ලක්ම ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට (Safety standards) අනුකූල වියයුතු බව ඔබ දන්නවාද? එසේ නොවුනහොත්, ඔබේ ආදරණීය දරුවාගේ විනෝදය පිණිස ලබාදෙන සෙල්ලම් බඩුවක් දරුවාට මාරාන්තික අනතුරක් සිදුකිරීමට ඉඩ ඇත....

නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු.

වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන්වියේ පසුවන ඔබේ දරුවාට රක්තහීනතාවය හෙවත් නීරක්තිය (ලේ හිඟකම) ඇතිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා කටයුතු වලට, ඉගෙනීමට, සහ අනාගත රැකියාවට එය අහිතකර ලෙස බලපාන්නට පුලුවන්. මේ අවදියේදී, ඔබේ දරුවාට තිබෙන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක්....

දරුවාට ක්ලාන්තයක් සෑදුනහොත් කුමක් කල යුතුද?

ක්ලාන්තයක් යනු තාවකාලිකව ඇතිවන සිහි මුර්ජාවීමක් ලෙස හැඳින්විය හැක. දරුවා විජලණය වීම, අධික තාපය, රුධිරයේ සීනි මට්ටම අඩුවීම, අධිකව වෙහෙසීම, අභ්‍යන්තර රෝග තත්ත්ව නිසා මෙන්ම, ඇතැම් විට මානසික ආතතිය නිසාද ක්ලාන්තය ඇතිවිය හැක....

දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

කනේ වේදනාවන් ඇතිවීම දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය, කන් බෙරයට පිටුපසින් දියර එකතුවීම, මැදකනේ ආසාදනයක් ඇතිවීම, හෝ බාහිර ශ්‍රවණ නාලයේ ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවිය හැක....

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට දියර ලෙස හෝ දියාරු වූ ස්වරූපයකින් මළපහ පිටවීම දැකිය හැක. මෙසේ සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ඇතැම් ආසාදන නිසාය....

නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන්, කුඩා දරුවන් ඉතා සක්‍රීය වේ. ඔවුන් වේගයෙන් ඇවිදීමට, දණගෑමට, අවට ඇති දේවල් ඇදීමට, සහ අතට හසුවන දේවල් මුවේ රුවා ගැනීමට පෙළඹීම සාමාන්‍ය දෙයකි....

දරුවාට උණ වලිප්පුව සෑදුන විට කුමක් කරමුද?

උණ තත්ත්වයක් ඇතිවිට වලිප්පුව සෑදීම ඇතැම් කුඩා දරුවන්ගේ දැකිය හැකි ලක්ෂණයකි. සාමාන්‍යයෙන්, මෙසේ ඇතිවන්නේ දරුවාට මාස 6 සිට, අවුරුදු 6 ක් දක්වා ය....

දරුවාගේ හිසරදය ඔබටත් හිසරදයක්ද?

සාමාන්‍යයෙන්, හිසරදයක් පවතින්නේ කෙටිකාලයක් වන අතර, එය ඇතිවීමට හේතු ගණනාවක් පැවතිය හැක. ඒ අතර, නිදිවැරීම, ඇස් විඩාවට පත්වීම, මානසික ආතතිය, කෝටර දාහය, හිසට පහරක් වැදීම වැනි හේතූන් පවතී....

දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?

තම දරුවා කැපුම් තුවාළයක් සිදුකරගත් විට, බොහොමයක් දෙමව්පියන් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දෙයක්. නමුත්, බොහොමයක් කුඩා කැපුම් තුවාළ, දරුවාට හානියක් ඇති නොකරයි....

දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්

ඔබේ දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධව සමාජයේ පවත්නා විශ්වාස පිළිබඳව මදක් විමසා බලමු. ඇතැම් විශ්වාස, විද්‍යාත්මක පදනමක් නැති, සාවද්‍ය ඒවා වන අතර, ඇතැම් ඒවායේ යම් සත්‍යයක් ගැබ් වී තිබෙනු දැකිය හැකියි....