ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

යලිත් අපතේ ගිය ඉසුරු උදානගේ සටන

Posted: March 23, 2019 at 7:04 am by Lanka Sports News

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. සෙන්චූරියන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා....

2 hours ago

“ගෝඨාභය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනී මැරුවා – ඔහු ආවොත් ලංකාව ලේ විලක් වෙනවා” – මර්වින් (VIDEO)

Posted: March 23, 2019 at 3:37 am by

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපති වුවහොත් ශ‍්‍රී ලංකාව ලේ විලක් වන බව ස්ථිරවම තමනට කිව හැකි යයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි....

6 hours ago

විල්පත්තුවේ ඇත්ත තත්වය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනාවරණයක්

Posted: March 22, 2019 at 11:47 pm by

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිදුවන බව කියන වන සංහාරයක් සිදුවන බවට යළිත් වරක් කතාබහට ලක්වී තිබෙන අවස්ථාවක ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ අනාවරණයක් සිදු කර තිබේ....

9 hours ago

ප්‍රති-ඩ්‍රෝන් සංග්‍රාමය:රුසියාව සංවර්ධනය කරන නවතම ඩ්‍රෝන් යානය

Posted: March 22, 2019 at 8:19 pm by HarshaLulzSec

බුද්ධිමය දේපල සඳහා වූ රුසියානු ෆෙඩරල් සේවය මාර්තු 12දා ගිනි අවියක් ගුවන් යානයේ රාමුවට බද්ධ කර නවතම ඩ්‍රෝන් යානයක් ලියාපදිංචි කිරීමක් ප්‍රසිද්ධියට පත් කරන ලදි.අතුරුවාරක ඩ්‍රෝන් යානයක් වන මෙය වල්ගයෙන් සිට ගෙන ගුවන් ගත වන එකකි.එය වර්ගීකරණය කර තිබෙන්නේ පොළොවට ලම්භකව එනම් සිරස්ව ගුවන් ගත වන සහ ගොඩබෑම සිදු කල හැකි යානයක් ලෙසයි.යානය පොළොවට තිරස්ව පියාසර කරයි.මෙම ඩ්‍රෝන් යානයේ බර දළ වශයෙන් රාත්තල් 50 වන අතර පියාපත් දිගහැරුම අඩි 10කි.පියාසර කාලය මිනිත්තු 40ක් වුවද එය කාලගුණික තත්ත්වය මත රඳා පවතියි....

13 hours ago

යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.

Posted: March 22, 2019 at 2:14 pm by Kalana

ලංකාවේ වැඩිහිටි බාල මහළු තරුණ කාන්තා පිරිමි බහුතරයක් දෙනා වාහන වලට බොහෝ ලැදී කමක් දක්වති. එයිනුත් ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් වලට හිමි වන්නේ මුල් තැනක් ....

19 hours ago

Seasons in the Sun

Posted: March 22, 2019 at 9:54 am by Gayan T. Piyarathna

නුඹ ආවේ ද, වසන්තය රැගෙන ය.නුඹ ගියේ ද, වසන්තය රැගෙන ය.ආයෙ එන්නද ගිම්හානය අරගෙන? 🙈...

23 hours ago

සිරියානු යුද වාර්තාව – 2019 මාර්තු 21

Posted: March 22, 2019 at 9:34 am by HarshaLulzSec

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය අල්-බගුස් ගම්මානය ආසන්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වළලු බිද දමමින් ප්‍රදේශයට ඇතුල් වී ත්‍රස්තවාදීන්ට අයත් භූමි ප්‍රදේශය වැඩි කොටසක් අල්ලා ගත්හ.කුඩා ත්‍රස්තවාදී කණ්ඩායමක් තවමත් යුප්‍රටීස් ගං ඉවුරේ කොටසක බලය අල්ලාගෙන සිටියි.ඉතිරි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ඥාතීන් අත් අඩංගුවට පත් වන්නට හෝ මිය යන්නට ඇත....

Yesterday

Dev (2019)

Posted: March 22, 2019 at 6:29 am by Lakiya Tec

                 ඔයාල ගොඩක් Romantic ෆිල්ම්ස් බලලා ඇති නේ.හැබැයි Dev කියන්නේ ඒ හැම එකකටම වඩා ටිකක් වෙනස් කතාවක් තියෙන සුපිරිම ගනයේ ෆිල්ම් එකක්....

Yesterday

”මාව එල්ලුවත් පාර්ලිමේන්තුව ඇතුලේ බුලත් කන එක නවත්තන්නේ නෑ” – මන්ත්‍රී විමලවීර

Posted: March 22, 2019 at 4:37 am by

කතානායකතුමා තමා එල්ලුවත් මැතිසබයේ බුලත් කෑම නවත්වන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක විසින් කතානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබේ....

Yesterday

“ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි” – දයාසිරිගෙන් චෝදනාවක්

Posted: March 22, 2019 at 3:33 am by

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර  මහතා පවසයි....

Yesterday

අභිමානය යළි ඇතිකර ගැනීමට පමා නැති ස්වර්ණවාහිනිය

Posted: March 21, 2019 at 9:46 pm by Iranga.net

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයට අඳුරු මතකයක් ඉතිරි කරමින් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක ඇතිවූ අර්බුදයක් මත එහි ප්‍රවෘත්ති විකාශ ඇතුළු සියලු සජීවී වැඩසටහන් අත්හිටුවීමට සිදුවූ කණගාටුදායක සිද්ධියක් ඊයේ අසන්නට ලැබුණි. එම මාධ්‍ය ආයතනය වන්නේ මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් රූපවාහිනී වැඩසටහන් රැසක් දායාද කරමින් සන්නිවේදනයේ සොඳුරු සිත්තම් මැවූ ස්වර්ණවාහිනියයි....

2 days ago

වෙනසක් නෑ – මාලිංග – හතුරු ක්‍රිකට් ආයතනයේ රහස් සාකච්ජා

Posted: March 21, 2019 at 8:39 pm by Lanka Sports News

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර 20 තරගය හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 09 යි 15 ට සෙන්චූරියන්හිදී ආරම්භ වනවා. තරගය සදහා සූදානම් කර ඇති තණතීරුව පිතිකරුවන්ට වඩා වාසිදායක බවයි ක්‍රිකට් විචාරක මතය වී ඇත්තේ....

2 days ago

න්‍යෂ්ඨික අවි ගෙන යා හැකි බෝම්බ හෙළන යානා හයක් යුරෝපයට

Posted: March 21, 2019 at 8:11 pm by HarshaLulzSec

මාර්තු මස 14දා පටන් එක්සත් ජනපද ගුවන් හමුදාව B-52H Stratofortress වර්ගයේ උපායමාර්ගික බෝම්බ හෙළන යානා 6ක් යුරෝපයට යවා ඇතැයි වාර්තා වේ. B-52H Stratofortress යානයකට කෲස් මිසයිල සහ න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත බෝම්බ රැගෙන පියාසර කල හැකිය....

2 days ago

ස්වර්ණවාහිනීය උණුසුම් වෙයි – ප්‍රධාන විධායක නිලධාරිවරයා පොලිසිය විසින් එලියට රැගෙන යයි (PHOTOS)

Posted: March 21, 2019 at 4:27 pm by

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඊයේ (20) රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් කර ඇති අතර නැවත අද දින ඔහු එම ආයතනයට පැමිණීමත් සමඟ සේවකයින්ගේ විරෝධය හේතුවෙන් පොලිසිය පැමිණ ඔහුව එම ආයතනයෙන් පිටතට රැගෙන ගොස් ඇත....

2 days ago

ශ්‍රීලනිප හා පොහොට්ටු සාකච්ඡා අවසන් – තෙවන වටයටත් දින තීන්දුයි

Posted: March 21, 2019 at 2:22 pm by

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි තෙවන අදියර අප්‍රේල් මස 10 දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි....

2 days ago

එජාප පසුපෙලෙන් අගමැතිට චෝදනා

Posted: March 21, 2019 at 10:37 am by

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ වැඩපිළිවෙළ එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විනාශ කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි....

2 days ago

රුසියාව සතු නවතම යසෙන් පන්තියේ ප්‍රහාරක සබ්මැරීන

Posted: March 21, 2019 at 10:03 am by HarshaLulzSec

මාර්තු මස 19දා රුසියානු සබ්මැරීන නාවිකයන්ගේ දිනය සමරන ලදි.යසෙන් පන්තිය(ප්‍රොජෙක්ට් 885එම්)යනු රුසියාව සතු නවතම න්‍යෂ්ඨික බලයෙන් බලගැන්වෙන බහුකාර්යය ප්‍රහාරක සබ්මැරීන පන්තියයි.මෙම පන්තියේ ප්‍රමුඛතම සබ්මැරීනය වන සෙවෙරොඩ්වින්ස්ක් මේවන විටත් රුසියානු නාවික හමුදාවේ සේවයේ යොදවා ඇත.කසාන් යනු ප්‍රොජෙක්ට් 885එම් හෙවත් යසෙන් පන්තියේ දෙවන බහුකාර්යය න්‍යෂ්ඨික සබ්මැරීනයයි.එය 2017 මාර්තු මස 31 දා දියත් කලේය.කසාන් සබ්මැරීනය ප්‍රොජෙක්ට් 885එම් පන්තියේ වැඩිදියුණු කල පළමු සබ්මැරීනයයි.වැඩිදියුණු කල යසේන් සබ්මැරීන වසර 15-20 කාලයකට රුසියාවේ උතුරුදිග බල ඇණියේ කොදුනාරටිය බවට පත් වේ....

2 days ago

free – නිදහස් by CHAPAbandara 2019-03-21 07:44:00

Posted: March 21, 2019 at 7:44 am by

fb චණ්ඩින්ගෙ අත් අඩංගුව ට පත් වූ, ඒ භයානක මොහොත...2019 මාර්තු 15 වැනිදා, නවසීලන්තයෙ සිදුවූ ත්‍රස්ත ක්‍රියාව, යම් පුළුල් සංවාදයකට ඔසවන්න හිතාගෙන දාපු post එක අන්තිමට නැවතුණේ දින තුනක fb තහනමකින්, ඒකත් පුදුම තහනමක්!...

2 days ago

ඒක කන්දෝ මේක කන්දෝ

Posted: March 21, 2019 at 7:35 am by සංකල්ප

මම කලින් ලිපියේදී රොටි ගැන කියලා මේ කතාව කියන්න අමතක උනා නෙව. ඔන්න එහෙනම් මේ ජන කතාව අහ ගම්මු.මේක මං පොඩි කාලේ අපේ අම්මා මට කියලා දීපු කතාවක්.සමහර ඈයෝ දන්නවත් ඇති. නොදන්න පිරිසක් ඇති ය කියලා හිතලාමයි මේ කතාව ලියලා දාන්නේ.එහෙනං තුන් හතර පොලකින්ම වාඩි උනා නං.ඔන්න එකෝමත් එක රටක අම්මා කෙනෙකුයි පුතෙකුයි ජීවත් උනා. මේ අම්මයි පුතයි හරි දුප්පත්. ඒ වගේම තමා මේ පුතාගේ තාත්තා ජීවත් වෙලා උන්නේ නෑ. පවුලේ එකම කොල්ලා නිසා මේකා සෙල්ලක්කාර කමට හැදිලා අම්මා උයා පිහා දෙන දෙයක් කාලා පැත්ත වැටිලා නිදියන්ඩ පුරුදු වෙලා උන්නේ.මේ අම්මටත් මේ කොල්ලගේ කල් කිරියාව ගැන ඒ තරම් පහැදීමක් නෑ. ඔන්න ඒ නිසා දවසක් මේ අම්මා උදෙම්ම නැගිටලා පොල් රොටියක් හදවලා කොල්ලෑ අතට දුන්නා.ඒ දෙන ගමන්,"මේ රොටිය අරං ගිහින් රස්සාවක් හොයාගෙන මිසක් ආයෙම ගෙදර එන්නේ නෑ" කියලා කිව්වා....

2 days ago

තිලංග ක්‍රිකට් වැනසූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක්

Posted: March 20, 2019 at 10:20 pm by Lanka Sports News

 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීම ශ්‍රී ලංකාවට ගැටළුවක් වී තිබෙනවා. තරගාවලියට සුදුසුකම් ලබා ඇති අනෙකුත් රටවල් මේ වන විට සිදුකරන්නේ සිය කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සදහා නිල නොලත් මට්ටමින් පුහුණු තරග ලබාදීමයි....

3 days ago

රොටී රොටී

Posted: March 20, 2019 at 6:17 pm by සංකල්ප

අද මැදින් පුර පසලොස්වක පොහොය දිනය. අද ගෙදර ඉන්නේ මං විතරයි. අපේ උන්දෑ මේ දවස් ටිකේ අම්මලෑ දිහෑ ගිහින්. අම්මලා දිහෑ කිව්වේ වැඩි ඈතක නෙමේ මේ මොරටුවේ.මම උදෙන්ම නැගිටලා නිදි ඇඳේම ඔලුව පොඩ්ඩක් උස්සලා එක ඇහැක් ඇරලා බැළුවා එළිය වැටිලද කියලා. ම්හු... එළිය වැටිලා නෑ. ආයෙම ටික වෙලාවක් නිදා ගන්නෙමියි කියන තිර අධිෂ්ඨානයෙන්ම නින්දට වැටුනා. ඒ පාර ඇහැරුනේ අටත් පහු වෙලා.ඇහැරිච්ච ගමන්ම කේතලේ ලිපේ තියලා කිරි තේ එකක් හදාගත්තා. කලින්දා රෑ කියවලා ඉතුරු වෙච්ච පොත අතට අරගෙන ඒකත් කියවන ගමන් තේ එක බිව්වා....

3 days ago

මැදක් නැති පෙරදිග ~ XI කොටස

Posted: March 20, 2019 at 5:10 pm by කණ්ඩා ~ Kanda

ගෙවල් මාරුව සහ මැදපෙරදිග කතා මේ කතාව බාගෙට ලියල අතරමග නවත්තල දැන් හය මාසෙකටත් වැඩියි … අලුත් ගෙදරට ගොඩ වැදිලා දැන් එතරම්ම කාලයක් … කණ්ඩගෙ වැඩ ඉතින් ඔහොම්මනේ 🙂 එහෙම හරි මේ හෑල්ල ලියල දාන්න ඕන කියල හිතුව .. ඕන......

3 days ago

සනත්ගේ ප්‍රශ්නය අතට ගන්න – අර්ජුන ක්‍රීඩා අමැතිට කියයි

Posted: March 20, 2019 at 2:29 pm by Lanka Sports News

අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සනත් ජයසූරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ජාත්‍යන්තර තරග තහනම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා වඩාත් සංවේදී විය යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. එතුමා අවධාරණය කරන්නේ සනත් ජයසූරියට එරෙහිව පැනවූ තරග තහනම් ඉවත් කර ගැනීම ඉක්මනින්ම කළ යුතු බවයි....

3 days ago

චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:ක්‍රිමියාවේ රුසියානු එස්-400 මිසයිල පද්ධති

Posted: March 20, 2019 at 10:23 am by HarshaLulzSec

2014 වර්ෂයේදී රුසියාවට ඈදාගත් ක්‍රිමියා අර්ධද්වීපයේ  ඩිසැන්කොයි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ එස්-400 මිසයිල පද්ධතීන් ස්ථානගත කර තිබෙන අයුරු පෙන්වන අලුත්ම ඡායාරූප පෙළක් ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම විසින් මාර්තු 10දා මුදා හැර තිබිණි.එම ඡායාරූපවල අතිරේක සංරචකයන් සහ මිසයිල දියත් කිරීමේ රථ දැක ගත හැකිය.මෙම ඡායාරූප සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ දියත් කිරීමේ රථ සහ අතිරේක සංරචකයන් මෙන්ම රේඩාර් පද්ධති දෙකක්ද එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇති බවයි.මෙම රේඩාර් පද්ධති නොමැතිව ඩිසැන්කොයි ගුවන් හමුදා කඳවුරේ තිබෙන එස්-400 මිසයිල පද්ධති ක්‍රියාත්මක කල නොහැකිය....

3 days ago

සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාව ජයගත් හැටි

Posted: March 20, 2019 at 7:06 am by Lanka Sports News

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයෙන් තියුණු ජයක් වාර් තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. කේප්ටයුන් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා....

3 days ago

විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය

Posted: March 20, 2019 at 6:53 am by වයලීනෝ

සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි ප්‍රධානම වෙන්නේ ....

3 days ago

විවාහ නැකත් සෑදීම

Posted: March 19, 2019 at 10:13 pm by වයලීනෝ

විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක ....

4 days ago

ලයිට් කපන එකේ වැරැද්ද දේශපාලකයාද ?

Posted: March 19, 2019 at 9:05 pm by නදීර

දැන් මේ ලයිට් කපන්නේ දේශපාලකයාගේ වරදක් නිසා බව හය හතර නොදත් පොඩි එකාට කියා දෙන මෙන් ඉල්ලන පොස්ටුවක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වනු දුටිමි.මම නම් එවැනි බොරු අපේ පොඩි එකාට කියා දෙන්නට සුදානමක් නැත....

4 days ago

සිරියානු සටන්කාමීන් සොයා යන රුසියානු මාරක කාලතුවක්කු උණ්ඩ

Posted: March 19, 2019 at 7:01 pm by HarshaLulzSec

මාර්තු මස 11දා උතුරු හමා හි සටන්කාමීන්ගේ ස්ථානයක් වෙත පතිත වී පුපුරා නොගිය සුවිශේෂී කාලතුවක්කු උණ්ඩයක ඡායාරූපයක් සිරියානු විපක්ෂ ක්‍රියාකාරියෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබිණි....

4 days ago

සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා – සයුරේ දසවසක් – 11

Posted: March 19, 2019 at 3:06 pm by

සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින් අවහිර කෙරුනු නැවියන්ට පමණක් කොටු කෙරුනු මේ අලංකාරලෙසින් මලින් පිරුනු ගහකොලින් වටවු එළිමහන් සිරකදවුරට පැමින සිරවන්නට සිදුවන්නේ පාන්පිටි නෞකාවට පැටවිමට ආ අවස්ථාවේදිය....

4 days ago

රේඩියෝ කතන්දර වූ මගේ කතන්දර

Posted: March 19, 2019 at 1:39 pm by මලී

කැනඩාවේ මිසිසාගා නගරයේ 'සවන' අන්තර්ජාල රේඩියෝ කණ්ඩායමෙන් මගේ කෙටිකතා කීපයක් රේඩියෝ නාට්‍ය බවට හරවා ප්‍රචාරය කරන්නට ඉල්ලීමක් ලැබුණේ මීට මාස කීපයකට කලින්. ඒ  ඔවුන්ගේ 'දින නැති දිනපොත'  රේඩියෝ නාට්‍ය මාලාව වෙනුවෙනි....

4 days ago

සිරියානු යුද වාර්තාව – 2019 මාර්තු 18

Posted: March 19, 2019 at 11:59 am by HarshaLulzSec

රජයේ හමුදා සහ රුසියානු හමුදා පොලිසිය ඩැමැස්කස් ආසන්නයේ නැගෙනහිර ගූටා ප්‍රදේශයේ ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කලහ.මෙම මෙහෙයුමේ ඉලක්ක ගත ප්‍රදේශ වන්නේ ජිස්රීන්, අල්-අෆ්ටාරිස්,අල්-නාෂබියාහ් සහ මර්ජ් අල්-සුල්තාන්ය.2018 වර්ෂයේදී සිරියානු රජයේ හමුදාව හමුවේ පරාජය වීමෙන් පසුව සටන්කාමීන් සැලකිය යුතු ප්‍රමාණයක අවි සහ උපකරණ හැර දමා ගියේ ඉහත කී ප්‍රදේශවලය....

4 days ago

කාන්තාවන්ට විශේෂ දුම්රිය මැදිරි අවශ්‍යද?

Posted: March 19, 2019 at 11:27 am by Iranga.net

කාන්තාවන්ට දුම්රියවල වෙනම මැදිරි වෙන් කිරීම පිළිබඳ මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ විවිධ පුද්ගලයින් දක්වන අදහස් අතර එම නව ක්‍රියාමාර්ගය අගය කරමින් ද ඇතැම් අදහස් ඊට විරෝධය පළකරමින් ද ඉදිරිපත් වෙමින් පවතී....

4 days ago